IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට


 
(ජේ.කේ.එල් චාමින්ද)


මාතර ස්වර්ණාභරණ වෙළඳසල  කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි නැමති සැකකරුවන් දෙදෙනා අද (24) දහවල්  බන්ධනාගාර නිලධාරින් විසින් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.


මෙකී සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර කිරිමෙන් පසු රෝහලින් මුදාහැර තිබු අතර  බන්ධනාගාර නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි.


එහෙත් කොස්ගොඩ තාරක නැමැත්තාගේ  සහෝදරයා තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම සැකකරුවන් තිදෙනා තිදෙනා ජුලි  02 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.



අදහස් (22)

කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට

SHAN SAUDI Sunday, 24 June 2018 08:51 AM

ඇයි මිනිස්සු වහගන යන්නේ? මේ අයවලුන් පාතාල ක්‍රියා හා මංකොල්ල කෑම සඳහා මූලික වූ වරදකරුවන් නම් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැක පිට නොවේ. මෙසේ මේ අයව සඟවාගෙන ගොස් පසුව ඔවුන් කරන වැරදිවලට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට උවමනා වූ විට ජනතා සහය පතනවා. ජනතාව කෙලෙසද මොවුන්ව හඳුනන්නේ? මේ අයවලුන් ජනතාවට පෙන්විය යුතුයි එවිට මොවුන් ජනතාව හොඳින් හඳුනා ගැනීම නිසා මේ අයට වැරදි කිරීමේදී සැගව සිටිය නොහැකි වනු ඇත.

:       13       1330

IrangaSunday, 24 June 2018 12:24 PM

වහගෙන යන්නේ මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය පරිදි හදුනා ගැනීමෙි පෙරටිටුවට ඉදිරිපත් කිරීමටය.

:       0       3

shan saudiTuesday, 26 June 2018 08:45 AM

දැන් එතකොට පොඩි මිනිස්සු පොලිසිය අල්ල ගතතම වහගනද යන්නේ හදුනා ගනේමේ පෙරෙට්ටුවට කලින් හොදට නෙලන්නේ නොකරපුව කල කියපිය කියල මගේ හිතේ බරපතල දේවල් වලදේ සැලකුම් වැඩි ඇති

:       0       0

ධනුෂ්කSunday, 24 June 2018 02:22 PM

යමෙක් අත්අඩංගුවට ගත් විට යායුතු නීතිමය පියවර තියනවා. අපරාධය කරන අයුරු පොලිසිය අැස් දෙකට දැක්කත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලට සැකකරුවන් ඉදිරිපත් කළ යුතුයි. එ්කයි වහගෙන යන්නේ... මෙතන අය කියන විදියට අායුධ පෙන්නන්න ගියානම්... අර සේයා දියණිය ඝාතනයට සැකපිට අල්ලපු කොණ්ඩයාට මොනවා වෙයිද? අවසානේ නියම අපරාධකරු හැංඟෙනවා. මෙතනත් මොවුන් ඝාතනයට ලක් වුණා නම් මීට සම්බන්ධ මහමොල කාරයින් හිටියොත් මොකද වෙන්නේ... ඔවුන් බේරෙනවා... විය යුත්තේ නීතිය හා යුක්තිය පසිඳලින අායතන ශක්තිමත් කිරීම හා එය සිදුකරන දේශපාලකයන් පත් කිරීමයි.

:       1       143

faizerSunday, 24 June 2018 02:46 PM

මුහුණ පෙන්නලා කොහොමද? ඇප මත නිදහස් උනාම කොහමද තව එකකට සෙට් වෙන්නේ. පවනේ මෙයා...

:       1       49

එර්දි Sunday, 24 June 2018 09:00 AM

ඒ කියන්නේ පොලිසියටත් විශ්වාසයක් නෑ... මේ අය කොල්ලකරුවො කියලා? මූන වහගෙන ගෙනියන්නේ ඒ නිසානේ.. මේ අය කෙළින්ම මංකොල්ලයට සම්බන්ධ අය නම් මුහුණු නිරාවරණය කළයුතුයි.. සමහරවිට මේ අය තවත් අපරාධවලට සම්බන්ධ ඇති ඔවුන්ව සමාජය දැකගත යුතුයි...

:       108       230

ධනුෂ්කSunday, 24 June 2018 02:36 PM

පාතාලය හා දේශපාලකයින් එකම කාසියක දෙපැත්තක්... නැතහොත් කජ්ජ පාතාලය නම් මැර දේශපාලනයයි. බලයට අා විට දේශපාලකයන් තමන්ට උදව් කල හා විරුද්ධ පිලේ පාතාලයන් දෙපිලම ඝාතනය කරයි. ඊට වෙනත් පාතාලයක් නිර්මාණය කරයි. ඊට අත් වන්නේද අර ඉරණමය. සමහරු පාතාලය මර්ධනයට සුදුවෑන් ඉල්ලනවා අායුධ පෙන්නන්න අරන් යන්න කියනවා. හැබැයි පහුගිය කාලේ සුදුවෑනුත් පාතාලයටත් වඩා භයානක වුණා. මොකද ඉන් අපරාධකාරයන් පමණක් නොව පාලක පක්ෂයට විරුද්ධ සියල්ල පැලට් කරන්න ගත්තා. මතක අැතිනේ... අද පාසල් සිසුන්ගෙන් බහුතරයක් අන්තයටම පිරිහිලා ඉන්නේ. මේ විනාශ කරගෙන යන්නේ රටේ අනාගතය කරුණාකරලා පරණ පුරුදු අතැරලා යහපත් පාලකයින් පත්කරමු.

:       95       115

sunanda Sunday, 24 June 2018 09:53 AM

ලැජ්ජාවේ ..පව් අනේ...

:       0       39

anymose Sunday, 24 June 2018 10:00 AM

අායුධ පෙන්නන්න එක්කන් යන්නේ නැද්ද?

:       16       226

Lapaya Sunday, 24 June 2018 10:16 AM

ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන කාලය නාස්ති කරනවට වැඩිය නරකද එක පාරටම මේ දෙන්නවත් අරගෙන යන බන්ධනාගාර බස් රථයෙන් පාලමක් උඩදී වතුරට මාංචුත් එක්කම පැන්නන්නා නම්. දවස් දෙකකින් විතර මිනි දෙක ගොඩ ගන්න පුළුවන්. රටටත් මහජනතාවටත් සෙතක් පාඩුවක් වෙනවනම් වෙන්නේ දේශපාලකයන්ට විතරයි.

:       0       509

ABARAN Sunday, 24 June 2018 11:09 AM

ඔය හැම චන්ඩියෙකු ,මංකොල්ල කාරයෙකුම පිටිපස්සේ අපේ රටේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙකු සිටින බව අමතක කරන්නට එපා.....

:       5       1253

එරික් Sunday, 24 June 2018 11:37 AM

මේ අයවත් හංගපු ආයුධ පෙන්වන්න එක්ක ගියොත් මොකද ?

:       0       0

rajapaksha Sunday, 24 June 2018 12:05 PM

මොන්ගල් සමරෙ මේ අයව අරක්ශා කොරයි අපේ සල්ලි වලින් තවදුරටත්

:       0       0

tommy Sunday, 24 June 2018 12:38 PM

දැන් ඉතින් ඇප අරගෙන එලියට ඇවිල්ලා අයෙත් පුරුදු සෙල්ලම් පටන් ගනී. අරක්ෂකොයෝ හතර වටේම දාගෙන ඉන්න පාලකයන්ට ප්‍රශ්නයක් නැහැනේ.

:       0       0

banda Sunday, 24 June 2018 01:12 PM

රුකඩ ආණ්ඩුව ආපු දවසේ ඉදල පාතාලය හිස ඔසවලා....ලංකාවට හිට්ලර් වගේ ඒකාධිපති ආණ්ඩුවක් ඕන ...

:       0       4

සනත් ඉතාලිය Sunday, 24 June 2018 02:40 PM

බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර බන්ධනාගාර නිලධාරියකුගේ ගිනිඅවිය රැගෙන පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් එල්ලකළ වෙඩිපහරින් එක් සැකකරුවෙක් එතැනම මියගිය අතර ඉතිරි සැකකරු රෝහලවෙත රැගෙනයන අතරතුර මියගියේය.

:       1       124

lusena Sunday, 24 June 2018 03:24 PM

මේ වෙලාවට තමයි හිතෙන්නේ පිලිපීනේ ජනපති ඩුදේටෝ වගේ කෙනෙක් හිටියනම් කියලා. ලුසේනා

:       100       57

appuhamy Sunday, 24 June 2018 06:17 PM

මෙම අපරාධය සිදුවන ඇසින්දුටු සිද්දිය පොලිසියට දැනුම් දුන් බුද්ධිමත් තැනැත්තාට ස්තුති කළ යුතුය. කාටත් මොහුව අමතක වී ඇති සෙයක් පෙනේ. මෙම සිදුවීමට අදාළ සී සී ටී වී කැමරා දර්ශන නැරඹීමේදී මා දුටුවේ අපේ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අනුව තවම ඔවුන් වෘත්තීය මට්ටමින් අසම්පුර්ණ තත්ත්වයක පසුවන බවයි.

:       0       109

sanath Sunday, 24 June 2018 07:48 PM

එක මකුනෙක් මැරුවේ නැත්නම් ,අපිට මකුණෝ දාහක් මරන්න වෙනවා , එකයි ඇත්ත සහ ප්‍රයෝගික පැත්ත. මෙයින් යමෙකුට අසාධාරණයක් , විය හැකිය . එය ඔබට හෝ මට විය හැකිය. නමුත් ලංකාවේ පාතාලය ,මර්දනය කිරීමට හොදම ක්‍රමය මෙයයි.

:       0       40

lalithsjm Monday, 25 June 2018 01:14 AM

මුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියල දාන්න ඕන...

:       0       58

sudesh Monday, 25 June 2018 03:56 AM

lalithsjm, ඔයා තියන දේ හරි. එහෙම තමයි කරන්නම ඕනේ.

:       1       0

gamini Monday, 25 June 2018 03:59 AM

මේ දවස්වල ගගේ වතුරණේ පැනලා යන්න කිවා නම් හරි ගඟ හරහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 282 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 251 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2364 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2365 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1072 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3026 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 92 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site