IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොස්ගොඩ ඝාතනයකට යුද හමුදා ලාන්ස් කෝප්‍රල් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්ඇප් පණිවිඩයකින් මීට මාස හතකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකු 21 දා කහතුඩුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහසයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි .

මෙම ඝාතනය ඉකුත් 2023 ජුනි මාසයේදී කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය විමර්ශන සිදුකරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව දිගින් දිගට විමර්ශනය කිරීමේදී එහි සිටි එක් සැකකරුවකුගේ මිතුරකු පසුගියදා බළපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගේ ජංගම දුරකථනයේ වට්සඇප් තාක්ෂණය හරහා ලැබී තිබූ පණිවුඩයක 2023 ජුනි මස කොස්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ ඝාතනයක් සඳහා භාවිතා කළ පිස්තෝලයක් සහ එහි ඡායාරූප රැසක් එවා තිබීයදී හමු වූ අතර ඒවා යුද හමුදා සෙබළකු විසින් එවා තිබූ බවට අනාවරණය වී තිබුණි.

ඒ අනුව යුද හමුදා සෙබළා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ඔහු කිලිනොච්චය යුද හමුදා කඳවුරේ ලාන්ස් කෝප්ප්‍රෙල්වරයකු බවත් ඔහු කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් කහතුඩුව ප්‍රදේශයේදී සැකකරු අයිස් ග්‍රෑම් 16 සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කොස්ගොඩ ලොකු පැටිගේ සමීපතමයකු වන සැකකරු ඔහුගේ අනුදැනුම මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු මෙම ඝාතනය යුද හමුදා සේවයෙන් නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී සිදුකොට යළි සේවයට ගොස් ඇති බවද පැවසේ.

 



අදහස් (0)

කොස්ගොඩ ඝාතනයකට යුද හමුදා ලාන්ස් කෝප්‍රල් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site