IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ආරක්ෂා කිරීමට අධිකාරියක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර  මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ  පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම, බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම , බලපත්‍ර ලක්ෂ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති සමෘද්ධී ප්‍රජා මූල බැංකු සහ සමෘද්ධී ප්‍රජා මූල බැංකු සමිති සහ ගොවි සංවිධාන නියාමනය කරනු ලබන සහ අධීක්ෂණය කරනු ලබන මහ බැංකුව  සහ අදාල නියාමන අධිකාරි සමඟ සම්බන්ධීකරණය කිරීම සහ බලපත්‍ර ලත් මුදල් ණයට දෙන්නන්ගේ සහ බලපත්‍රලත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතෙන්  විධිවිධාන සැලසේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ලබන සතියේ  ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ආරක්ෂා කිරීමට අධිකාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site