IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කෘෂිකර්ම ගොඩනැඟිල්ලේ තෝම්බුව හොයන්න රැස්ව ඇත්තේ එක්වරයි

 
 
(ශිරාන් රණසිංහ)

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරිය ගොඩනැගිල්ල හිමිකරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව රැස් වී ඇත්තේ එක්වරක් පමණකැයි අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී.

මෙම ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම නිසා මසකට රුපියල් මිලියන 21ක කුලී මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ.

මාසික කුලිය රුපියල් මිලියන 15ක් සහ සේවා ගාස්තු ලෙස තවත් මිලියන 6ක් වශයෙන් මෙම මිලියන 21 ගෙවනු ලැබේ.

යහපාලනය යටතේ කෘෂිකර්ම ඇමැති ලෙස පත් වූ දුමින්ද දිසානායක මහතාගේ ධූර කාලයේදී මෙම ගොඩනැගිල්ල මාසික කුලී පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වගෙන යෑම සඳහා ලබා ගැනිණි.

දෙපාර්ශවය අතර අත්සන් කළ ගිවිසුමට අනුව 2019 අප්‍රේල් මාසයේදී තවත් රුපියල් මිලියන ගණනක් අලුතින් මෙම කුලී මුදලට එක් වේ.

ගිවිසුම අවසන් වන්නේ 2021 වසරේදීය.

මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම ඇමැතිධුරය ලැබුණු පසු ගෙවන ලද විශාල කුලී මුදල හෙළි වූ පසු එම ගිවිසුම පිළිබඳ සොයා බලා නෛතික තත්ත්වය පිළිබ‍ඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නිහාල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබුණි.

ඒ පිළිබඳව ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ කමිටුවේ වාර්තාව නොලැබුණු නිසා තවමත් ඊට අදාළව පියවර ගත නොහැකි වූ බවයි. ඒ අනුව මසකට රුපියල් මිලියන 21 බැගින් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් එම ගොඩනැගිල්ල තුළම පවත්වාගෙන යනු ලබයි.



අදහස් (7)

කෘෂිකර්ම ගොඩනැඟිල්ලේ තෝම්බුව හොයන්න රැස්ව ඇත්තේ එක්වරයි

අසංග Tuesday, 04 September 2018 10:25 AM

කමිටුව වැඩ නොකරන්නේ ඇයි කියලා හොයන්න තව කමිටුවක් දාමු ඇමතිතුමෝ..

:       0       129

ranga Tuesday, 04 September 2018 11:09 AM

මෙයාලට නිතිය ක්‍රියාත්මක නැද්ද?

:       0       37

ඩී. ජයදේව Tuesday, 04 September 2018 12:37 PM

මේ කමිටුවේ ඉන්න හත් දෙනාම ආඬිද.?

:       0       29

සතයපාල Tuesday, 04 September 2018 12:38 PM

කමිටුවට අදාල ගිවිසුමේ නීතිමය තත්වය හොයන්න ආණ්ඩුව ගෙවන ගාස්තුවට වඩා වැඩි ගානක් අදාල සමාගම මගින් ගෙවනා ඇති නොසයා ඉන්නවට.

:       0       34

සතයපාල Tuesday, 04 September 2018 12:39 PM

කමිටුවට අදාල ගිවිසුමේ නීතිමය තත්වය හොයන්න ආණ්ඩුව ගෙවන ගාස්තුවට වඩා වැඩි ගානක් අදාල සමාගම මගින් ගෙවනා ඇති නොසයා ඉන්නවට.

:       0       9

sam Wednesday, 05 September 2018 02:07 AM

හිටපු ඇමතිගෙනුත් ඔය ගිවිසුම ගැන හොයන්නේ නැතුව ඉන්නවට මොනවහරි ලැබෙනවද දන්නේ නැහැ. ඇහැට පෙනී පෙනී කෙරෙන මේ මංකොල්ලය ගැන එෆ් සී අයි ඩී හෝ අල්ලස් වංචා දුඋෂණ පියවරක් නැත්තේ ඇයි. සිල් රෙදි දෙන්න ආණ්ඩුව සල්ලි දීපු එක වැරදියි නමුත් ඒවා ලැබුනේ රටේ ඉන්න පොදු ජනතාවට. එහෙම කරලත් රජයේ සේවකයෝ හිරේ ගියා නම් සීමිත පුද්ගලයෙකුට සහ ආයතනයකට පමණක් සිල් රෙදි වලට ගියා වගේ සිය දහස් ගණනක මුදලක් අදටත් දෙන ඇමතිලාට විතරක් වෙනම නීතියක් ඇයි.

:       0       49

Dumudu Wednesday, 05 September 2018 02:59 AM

යහපාලන ජනාධිපති මෙය බාරගත යුතුයි.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 12 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 877 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2203 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 849 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 396 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 446 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1348 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 346 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site