
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ තුර්කි ජන රජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන තුර්කි ජනරජය සමඟ අන්‍යෝන්‍ය සහයෝගිතාවය ඇති කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවර්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2021-02-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත්, අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. එබැවින්, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෘෂිකර්මය දියුණු කරන්න තුර්කිය එක්ක ගිවිසුමක්
sene Tuesday, 23 September 2025 03:48 PM
ඇමතිතුමෝ , ඕක අත්සන් කොරලා එදා ඔබලාට නැති බැරි වෙලාවේ බලාගත්තු අපි ගැනත් ටිකක් බැලුවොත් නරකයිද?අපිට දැන් හරි අමාරුයි...