හාස්‍ය තේමාව රැගත් ‘මගෝ ඩිගෝ ඩයි’ චිත‍්‍රපටය නිෂ්පාදනයට දායක වූ ජනිත මාරසිංහ යනු චිත‍්‍රපට කිහිපයකටම නිෂ්පාදන දායකත්වය සැපයූ නිෂ්පාදකවරයෙකි. ඒ අතරින් ඔහුගේම නිෂ්පාදනයක් වන ‘කිව්වද නහී - නොකිව්වද නහී’ නමින් නිර්මාණය වූ චිත‍්‍රපටය හෙට අනිද්දාට තිරගත වීමට නියමිතය. බොහෝදෙනා අර්ථවත් රසය සොයා යනවිට හාස්‍ය සමග සිනමා නිර්මාණයක් එළිදක්වන ජනිත මාරසිංහ ඒ ගැන අපට මොනවද කියන්නෙ බලමු.
මාරසිංහ කිව්වාම අපට එක්වර මතකයට එන්නේ ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු සුගතදාස මාරසිංහයි. ඔබ ඒ පරපුරේ කවුද?
සිංහගිරි ෆිල්ම්ස් වෙනුවෙන් ‘හාරලක්‍ෂය’, ‘හිතට හිත’, ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’, ‘පුංචි බබා’, ‘හිඟන කොල්ලා’ වැනි චිත‍්‍රපට නිර්මාණය කළ සුගතදාස මාරසිංහ අපේ මහප්පා. නමුත් මා චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ජනිත ෆිල්ම්ස් නමිනුයි. ඊට පෙර චිත‍්‍රපට මෙරටට ගෙන්වීම සහ ඒ අංශයට අදාළ ව්‍යාපාර කළා. නමුත් අපි මොන විදියකින් හෝ අපේ සිංහල චිත‍්‍රපට කලාව සරසන්න ඕන. ඒ නිසා මෙලෙසින් නිෂ්පාදනයට පිවිස සිටිනවා.
‘කිව්වද නහී, නොකීවද නහී’ ඇයි මේ විදියට සරල නමක් යොදා තිබෙන්නේ?
මේ කතාවේ අගක් මුලක් සිදුවීමක් තියෙනවා. අර අපි කතාවට කියන්නෙ ‘ගෙදර ගියොත් තෝ නසී, මග හිටියොත් අඹු නසී’ කියලා. අන්න ඒ වගේ මේ කතාවටත් අගක්, මුලක් තියෙනවා. මේ චිත‍්‍රපටයට අමතරව ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘රන් කෙවිට - දෙක’ සහ ‘කුස පබා’ සඳහාද සම
නිෂ්පාදනයට දායක වුණා.
මේ චිත‍්‍රපටය හාස්‍ය විතරක් පදනම් වූ එකක්ද?
මුළු පවුලටම එකට සිට නැරඹිය හැකි චිත‍්‍රපටයක්. රන්ජන්, ටෙනිසන් සහ අර්ජුන තිදෙනාම එකට එක්ව ප‍්‍රධාන චරිතවලට දායකත්වය ලබාදෙනවා. පසුගියදා ස්වර්ණවාහිනී ‘ඩාන්ස්ටාර් ඩාන්ස්’ හැඩ කළ මේනකා පීරිස් මෙහි කතා නායිකාවයි. ඊට අමතරව රෙක්ස් කොඩිප්පිලි, ආනන්ද වික‍්‍රමගේ, චංචලා වර්ණසූරිය ඇතුළු ප‍්‍රකට නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා. ලාල් ප‍්‍රියදේව මහතා අධ්‍යක්‍ෂණය කළ මෙහි සංගීත නිර්මාණය කළේ නීල් වර්ණකුලසූරිය ප‍්‍රමුඛ සන්ෆ්ලවර් වාදක මඬුල්ලයි. කැමරාකරණය ලලිත් තෝමස් ගෙන්. සුනිල් විමලවීර,
චන්ද්‍රදාස ප‍්‍රනාන්දු රචනා කළ ගීත වලට නීල් වර්ණකුලසූරිය, ශානිකා, නෙල්සන් වාස්, අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සහ තරංග ලක්මාල් ගායනයෙන් එක්ව
සිටිනවා.
මෙය හරියටම තිරගත වෙන්නේ?
සැප්තැම්බර් මාසයේදී තිරගත වේවි.
සඳුන් ගමගේ
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
936
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කිව්වද නහී නොකිව්වද නහී