IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


‘කවුරු මොනවා කිව්වත් සිසුන්ගෙන් සල්ලි ගන්නවා‘

අධ්‍යාපන බලධාරීන් තමන්ගේ වාසියට නොයෙක් දේ කියූවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකි බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

1982/2 දරණ පාසල් සංවර්ධන සමිති චක්‍රලේඛය,  2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය, 2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකාරකම් පිළිබඳ චක්‍රලේඛය, 2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය සහ 2012/19 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය යන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් දක්වා ඇත්තේ සිසුත් ඇතුළත් කිරීමේදී සහ ඉන් පසුවත් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් මුදලක් අය කළ නොහැකි බවයි. එම වගන්තිය මෙසේය.

‘සියලුම රජයේ පාසල් හා ගාස්තු අය නොකරන පෞද්ගලික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් හෝ අයකිරීම/ලබාගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වේ. ළමයින් ඇතුළත් කිරීමෙන් පසුව ද එවැනි බලපෑමක් නො කළ යුතු වේ. මෙලෙස බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන අතර එවැනි අවස්ථාවල ඒ සම්බන්ධ ව දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදු වනු ඇත. පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ වෙනත් කවර සංවිධානයක් හෝ එලෙස බලපෑම් නොකළ යුතු ය. මෙහි දී සංවිධාන යන්නෙන් ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිති ඇතුළු පාසලට සම්බන්ධ වූ සියලු ම සමිති හා සංගම් අදහස් කෙරේ.‘

2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකරකම් චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් අධ්‍යාපන ලේකම් වරයා කියා ඇත්තේ පාසල්වල ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් විවිධ සංගම් විසින් පාසල තුළ යම් යම් ව්‍යාපෘති සඳහා විදුහලට දරුවන් ඇතුළත් කිරීමේ දී හා පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් විවිධ ආකාරයට මුදල් එකතු කරන බව විගණන වාර්තා හා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බවයි.

එම චක්‍රලේඛය අනුව එලෙස මුදල් එකතු කළ නොහැකිවා සේම එවැනි දේට නිලධාරීන් විසින් අනුමැතිය ද ලබා නොදිය යුතුයි. එම චක්‍රලේඛයයේ තුවැනි වගන්තිය සහ පස් වැනි වගන්තිය මෙසේය.

‘03) ආදි ශිෂ්‍ය සංගම්/වෙනත් සංගම් විසින් පාසල තුළ හෝ බාහිරව සිසුන් යොදා ගනිමින් විවිධ ව්‍යාපෘති සඳහා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම, පාසල් සිසුන්ගෙන්/ දෙමාපියන්ගෙන් යම් යම් හේතු දක්වා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබේ. එසේම ඉහත සංගම් මගින් දෙමාපියන්ගෙන් හෝ සිසුන්ගෙන් සේවා සපයා ගැනීම ද තහනම් කරනු ලැබේ. මෙවැනි විවිධ සංගම්වලට පාසල තුළ මුදල්/ භාණ්ඩ එකතු කිරීමට හෝ සේවා ලබා ගැනීමට නිලධාරීන් විසින් ද අනුමැතිය ලබා නොදිය යුතු ය.‘

‘05)මින් ඉදිරියට මෙම උපදෙස් තරයේ පිළිපැදීමට සියලු විදුහල්පතිවරුන් ක්‍රියා කළ යුතු ය. යම් විදුහලක එම උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති බව අනාවරණය වුවහොත් අදාළ විදුහල්පතිවරුන් එයට වගකිව යුතු බව අවධාරණය කරමි.‘

2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය යටතේ ද මුදල් ගෙන ඒමට සිසුන්ට බල කිරීම තහනම්ය.



අදහස් (0)

‘කවුරු මොනවා කිව්වත් සිසුන්ගෙන් සල්ලි ගන්නවා‘

කුරුවිට Monday, 11 February 2013 08:23 PM

ස්ටාලින් මහත්තයෝ ගුරු සංගමයේ ඉන්නේ ඔබතුමා විතරද?

:       0       0

විරාජ් Monday, 11 February 2013 08:57 PM

ඉතින් ඒ වැඩේ නතර කල යුතුයි (දී)

:       0       0

නිමල් Tuesday, 12 February 2013 09:04 PM

අපෙන් ඉල්ලන්නකෝ බලන්න (දී)

:       0       0

රසික-ඩුබායි Monday, 11 February 2013 10:06 PM

දුප්පත් පාසැල් සිසු සිසුවියන්ගේ වීරවරිය දැන් අර චූටි නංගියා.(නදී)

:       0       0

සංජීව Tuesday, 12 February 2013 10:22 AM

මුදල් එකතු කිරීම තහනම් බව නැවත නැවත කිව යුතු දෙයක් නොවෙය් මෙහිදි දෙමාපියන්ගෙත් වරදක් තිබෙනවා මුදල් ඉල්ලු විට තමාගේ දරුවා අපහසුතාවට පත්වෙයි කියා නිහඩව සිටිම හා දෙමා පියන් අතර තිබෙන තරඟකාරි බව එක්කෙනනෙකුට එක්කෙනෙක් පරයා යාම (ස)

:       0       0

සංජීව Monday, 11 February 2013 10:45 PM

පාසැල් යන ලමයින්ගෙන් යම් මුදලක් අයකරගත්තාට කමක් නැහැ. හැබැයි ඒ ළමයින්ට වැදගත් දෙයක් දීලා. රජයේ පාසැල් වල ඇත්ත වශයෙන්ම ළමයින්ට ඔවුන්ගේ අනාගතය හදාගන්න අවශ්‍ය දැනුම දෙන්නේ නැහැ. තව තවත් අනාගතය විනාස කරනවා මිසක්. (නි)

:       0       0

ෂානිකා Tuesday, 12 February 2013 11:11 AM

පාසලට ළමයි ඇතුලත් කර ගනිද්දිත් සල්ලි ගන්නවා. ඒ වගේම සතියකට දවස් 2,3, ක් පාසලේ එක එක ඒවට සල්ලි එකතු කරනවා. අපිට තිබුන නිදහස් අධ්‍යාපනය දැන් ළමයින්ට කොහෙත්ම නැ.... (ස)

:       0       0

සුදේෂ් Tuesday, 12 February 2013 11:43 AM

මම (ස)

:       0       0

ජයා Thursday, 14 February 2013 03:06 PM

දැනුවත් කිරීම ගැන ස්තුති (දී)

:       0       0

සුදේශ් Tuesday, 12 February 2013 11:45 AM

වහාම මේක මේක නවත්වන්න (දී)

:       0       0

ජයවීර Tuesday, 12 February 2013 12:43 PM

සල්ලි කාරයින්ගේ ළමයි විතරක් නොවෙයි ඉස්කෝලවලට යන්නේ (දී)

:       0       0

ශාලිත Monday, 11 February 2013 05:31 PM

පාසල් වල වෙන දේවල් ගැන දන්නෙ දුප්පත් දෙමවුපියන් විතරයි. (නි)

:       0       0

භක්ති Tuesday, 12 February 2013 01:59 AM

හැම පාසැලකම ඔය වයාපාරය තියෙනවා. ඔය කියන විදුහල්පති, ගුරුවරු, ආදි ශිෂය සංගම් තමයි මුදල් එකතු කරන්නේ. ඒක රටම දන්නවා.(නදී)

:       0       0

ජයවීර Tuesday, 12 February 2013 12:57 PM

විදුහල්පති, ගුරුවරු, ආදි ශිෂය සංගම් දෙමාපියන්ගෙත් මුදල් එකතු කිරීම තහනම් බව නැවත නැවත කිව යුතු දෙයක්,එය වරදක් බව මෙහිදි පාසෙල් ගේට්ටුවේ පන්තිකාමරවල විදුහල්පතිගේ කාමරේ ඉතා පැහෙදිලි අකුරෙන් හා එවෙන්නක් දැනුම් දියයුතු ටෙලිෆෝන් අන්ක ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න. (ස)

:       0       0

නන්දලාල් Monday, 11 February 2013 06:05 PM

ඉතින් ස්ටාලින් මහත්තයෝ. ඔය ගුරුවරුමනේ ඒව කරන්නෙත්, ඒවට අනුබල දෙන්නෙත්.(නදී)

:       0       0

ජෝයි ඩයස් නාපොලි නගරය Tuesday, 12 February 2013 04:22 AM

පළමු වසරට ළමයින් ඈතුළත් කරගැනීමේදී ළමයාගෙ දෙමාපියන් දෙදෙනාම පැමිනිය යුතුද? නමුත් දෙදෙනාම විදේශගතව ඉන්නා විදේශ විරුවන් නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය ආච්චී සහ සීයාට පවරා තිබේ නම් ඔර්ජිනල් දෙමාපියන් එන්නම ඕනෑද? විදේශ සේවා නියුත්තිකයන් බාර ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. මෙය මගේ මුනුබුරාගෙ ප්‍රශ්නයකි. (නි)

:       0       0

අජිත් Tuesday, 12 February 2013 06:06 AM

මුදල් ගැනීම කතර කරන්න බැරි දරුවන්ගේ මව්වරුන් එකිනෙකාට නොදෙවෙනි වෙන්න අකමැති නිසා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site