
(උපාලි ආනන්ද)
කාවන්තිස්ස ඇතැට වෙඩි තැබීමේ සිද්ධිය අදාල නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය අද නියම කළාය.
ඇතැට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින නිපුනතා සංවර්ධන නිලධාරියා ඇතුළු දෙදෙනාට මීළඟ නඩුදිනයේදී පොදු දේපළ පනත යටත් කරුණු දක්වන ලෙස ද දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය අලියා සහ ඇතා පොදු දේපොළ පනත යටතට පැවැරෙන බව අධිකරණයේ අභිමතය බව ප්‍රකාශ කලාය. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නැති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඒ අනුව සැකකරුවන් ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයට පත් කළාය.
මේ අතර කාවන්තිස ඇතාගේ මරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ සහිත වන අතුරු පශ්චාත් මරණ පරික්ෂණ වර්තාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පී.පි.එම්.ඒ. විජේසුන්දර මහතා අධිකරණයට ඉදරිපත් කළෙය.
එම වාර්තාවට අනුව කාවන්තිස්ස ඇතාගේ උදර ප්‍රදේශයෙන් වෙඩි උණ්ඩ මූනිස්සම් තුනක් සොයාගත් බව අදාල අතුරු වාර්තාව මගින් මහාචාර්යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු දේපළ නෙවෙයි, මොන පනතක් යටතේ වුණත් කමක් නැහැ, මේ වගේ කාලකන්නින්ට එපා නොවෙයි දෙන්න ඕනෑ.