(ඩයනා උදයංගනී)
මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ගතවූ සති දෙකක පමණ කාලයේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව ද පැහැදිලි වේ.
මෙරට කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමෙන් පසු පසුගිය මාසය පමණ තෙක් දිනපතා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10කට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබුණත් මේ වන විට දිනපතා ආසාදිතයින් 15 - 25 අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයන් 19 ක් ඊයේ (14) දිනයේදී වාර්තා වී ඇති අතර 13 වැනිදා ආසාදිතයන් 23ක්, 11 වැනිදා 19ක් සහ කොවිඩ් ආසාදිත මරණ 1ක්, 10 වැනිදා ආසාදිතයන් 17ක්, 9 වැනිදා 21ක්, 8 වැනිදා 18ක්, සහ 7 වැනිදා ආසාදිතයන් 20ක් සහ මරණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවල දැක්වේ.
කොවිඩ් ආසාදිතයන් 393 දෙනෙක් ඊයේ (14) වන විට රෝහල් සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම වාර්තාවල සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වන විට එහි කොවිඩ් ආසාදිතයන් 24 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
පසුගිය කාලයේ රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1ත් 4ත් අතර සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනෙකුට පමණ ද පසුගිය දිනවල කොවිඩ් ආසාදනය විය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්
Covid Friday, 15 July 2022 04:38 PM
ඒ කියන්නේ ඔය පෙළපාලි ගිය අයටත් හැදෙයිද? මොකද ඒ අය නිතරම කටවල් ඇරගෙන කිය කිය හිටියේ..! "ගෝඨා-ගෝ-හෝම්" කියලා.. ඉතින් මගේ දෙයියෝ ගිය ගමන්ම රට ආරක්‍ෂා කරන්න... " කෝවිඩ්-කේම්-හෝම් " එව්වා !!
jayasekara Saturday, 16 July 2022 10:45 AM
හැදුණොත් බේරගන්න කවුරුත් නැතෝ... අරගල කරලා හමුදාවට මූණට කෙළ ගහලා බැන්න අයත් බේරගන්න ඉන්නේ හමුදාවම තමයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙයි වගේ ළඟදිම...