IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුවේට් සිට පැමිණි ඉන්දියානුවා ජීව උණඩයක් සමග අත් අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ ජීව උණඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (21) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ( Scan Test) , ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා , සගවා ගෙන සිටි ටී.- 56 තුවක්කු සදහා භාවිතා කරන මෙම ජීව උණඩය අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, පොලීස් නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන ඇති අතර තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී , මෙම ජීව උණඩය තමන්ට ලැබුණ බව පොලීසිය හමුවේ මෙම ගුවන් මගියා සඳහන් කර ඇත.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102314 වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ ජීව උණඩය අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

කුවේට් සිට පැමිණි ඉන්දියානුවා ජීව උණඩයක් සමග අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site