IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුවේට් ව්‍යාපාරිකයා රට සල්ලි සමග කොටුවේ

රුපියල් විසිපන් ලක්ෂයක් පමණ රට සල්ලි තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි කුවේට් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර ස්විස් ෆ්‍රෑන්ක් හත්දහසක්, යුරෝ අට දහස් පන්සීයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් පන්සීයක් තුබූ බව රෝගුව කියයි. අත්අඩංගුවට ගත් කුවේට් ජාතිකයා (75) ව්‍යාපාරිකයෙකි. ඔහු මින් පෙර තුන් හතර වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රේගුව කියයි. රේගු අධිකාරී උපාලි අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ සහකාර රේගු අධිකාරීවරුන් වන වන චන්දන රත්නායක, නුවන් බංඩාර, නුවන් අබේනායක සහ චන්දිමා සිල්වා යන නිලධාරීන් විමර්ශන්‍කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ මහේන්ද්‍ර මහතා මුදල් තොගය රාජසන්තක කර කුවේට් ජාතිකයා මුදා හැරියේය.



අදහස් (0)

කුවේට් ව්‍යාපාරිකයා රට සල්ලි සමග කොටුවේ

ජෙස්මි Sunday, 23 December 2012 12:26 PM

අනේ පව් . පරණ ණයක් ගෙවන්න වෙලා වගේ (ස)

:       0       0

කලන Sunday, 23 December 2012 12:27 PM

දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. ලංකාවට යන එන අය හිගන්නන් මෙන් පැමිණිය යුතුයි (ස)

:       0       0

චමල් Sunday, 23 December 2012 01:16 PM

එතකොට සමහරු කෝටි ගණනින් මුදල් උපයන්නේ, නොමනා විදියට. ඒවා අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 23 December 2012 01:36 PM

කුවේට් ව්‍යාපාරිකයා අත්අඩංගුවට නොගත්තේ මන්ද? ඔහු අත්අඩංගුවට ගත්තත් නොගත්තත් මේ මුදල ඔවුන්ට මුදලක් නොවේ. මන්දයත් කුවේට් රාජ්‍යයේ සිටින බොහෝ පිරිසක් ධනකුවේරයන් වන බැවිනි. (නි)

:       0       0

ධම්ම Sunday, 23 December 2012 02:15 PM

ෂෙරිෆ්, ලංකාවට එන අය රැගෙන එන සල්ලි ගුවන්තොටුපොළේදී හෙලිදරව් කළයුතුයි. එය කලානම් මෙහෙම වන්නේ නහැ. (ස)

:       0       0

ලාල් Sunday, 23 December 2012 03:09 PM

ලෝක හොරු නේද? (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 05:04 PM

අනේ පවු. මීටපස්සෙ නම් ලංකාව හරහා යන එකක් නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 11:07 AM

සල්ලි ගෙනියන අලුත් ක්‍රමයක් (දී)

:       0       0

ෂෙරිෆ් Sunday, 23 December 2012 11:10 AM

දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. අපේ ලංකාවට යන එන අය හිගන්නෝ වගේ ඇවිත් ගියානම් හරි(දී)

:       0       0

ෂිරාශ් Sunday, 23 December 2012 11:26 AM

මෙචචර සුලු ගණනකටත් අත්අඩංගුවට ගන්නවද? (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 23 December 2012 11:34 AM

ඒ මනුස්සයා යන්නේ ඩුබායි වලටනේ. ඉතින් අපේ අයට මොකද? (නි)

:       0       0

ශිහාන් Sunday, 23 December 2012 11:44 AM

රු. 2500000 විය යුතුයි නේද ? (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 12:03 PM

මෙයා දන්නේ නැතුව ඇති අර ක්‍රමයට හංගගෙන ගෙනියන්න (ස)

:       0       0

ෂෆීක් Sunday, 23 December 2012 12:08 PM

එනම් මෙහි වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් - රු970410.00 යුරෝ - රු1423206.00 ඩිරාම් - රු 17283.00(නු)

:       0       0

නයිම් Sunday, 23 December 2012 12:25 PM

ලක්ෂ විසිපහක් කියන්නේ අද කාලෙට ලොකු මුදලක් නෙමෙයි.. මෙමගින් ලංකාවටයි අපකීර්තිය..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site