IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35ක් මෙරටට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස  වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු  එරටින් අද (04) දින උදෑසන  පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් මෙසේ කුවේට් රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර , එක් පිරිමි ගෘහ සේවකයෙකු සහ ගෘහ සේවිකාවන් 34 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වී සිටියහ .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව , අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එකගතා ඇති කර ගනිමින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළිත් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි .

එහිදී මෙම සේවකයින්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර , තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර , ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදී සහ හිග වැටුප් මෙන්ම අනෙකුත් ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ද ලබා ගැනීමට අවස්ථාවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හිමි කර දී තිබුණි .

මෙම පිරිස කුවේට් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(04) දින උදෑසන 06.35ට  එවා තිබුණි.



අදහස් (1)

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35ක් මෙරටට

laks Monday, 04 December 2023 04:58 PM

මොවුන්ව හෙදියන්, චෙෆ් ඇතුලු හෝටල් රැකියා විදිහට පුහුණු ආයතන ඇතිවිය යුතුයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site