
(යොහාන් භාසුර)
කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.
සබන් නිෂ්පාදනය සඳහා අළෙවි කරමින් තිබූ එම කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 බැගින් වන කොට්ට 1,857 ක් භාරයට ගෙන ඇති අතර වෙළෙඳපොලේ සාමාන්‍ය මිලට වඩා රුපියල් 3,500 ක පමණ අඩු මුදලකට එම ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් අළෙවි කර තිබේ.
එම ආයතනය කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් රුපියල් 5,000කට අළෙවි කර ඇති බව හෙළිවිය.
මෙම වැටලීම පිළිබඳව කළ විමසුමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ අදාල කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගය රඳවාගෙන විමර්ශන කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි
DM Friday, 16 February 2024 04:32 PM
ඊළඟට වෙන්නේ මේ කෝස්ටික් සෝඩා තොගය විනාශ කරන්න කියලා කාට හරි දෙනවා. ඒ ගොල්ලෝ ආපහු මේ ටික හොරෙන් වෙළඳ පොලට දානවා...
chandima Saturday, 17 February 2024 12:09 AM
මේ මෝඩ රැළ ඒක අත්අඩංගුවේ තියාගත්තාම තවත් නරක් වෙනවා. පාඩුව රටට නොවේද?