IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කලා නිර්මාණවලින් වාරණය ඉවත් කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති  2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. 

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවද අවධාරණය කළේය. 

වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙන අතර  එමගින් කලාකරුවන් මහත් අපහසුතාවකට පත් වන බවත්, එය වළක්වා ගැනීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම සියලු නීති ලබන වසරේ සිට බලාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.

2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරිණි. 

මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවත්ය.

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන්  රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. 

2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර මහතා ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි මහත්මිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු මහත්මිය ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්තාය.

2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් සම්මාන පිරිනැමිණ. 

2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස "The newspaper" චිත්‍රපටිය සම්මානයට පාත්‍ර විය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (7)

කලා නිර්මාණවලින් වාරණය ඉවත් කළ යුතුයි

රෝහණ Wednesday, 15 November 2023 06:01 PM

නිර්මාණ වාරණය ගැන කතා කිරීමත් ලෝකයේ ලොකුම විහිළු වලින් එකක් ඒවි. කොහොමත් දෙකොනින්ම කතා කරනවානේ. ඒ වගේම 60000ක් මරලා සතුටු වෙච්චි අයට ගින්නෙන් උපන් සීතල වගේ චිත්‍රපටයකට සම්මාන දෙන්න වෙනවා කියන්නේ දෛවයේ සරදමක් වගේ.

:       1       0

F M Wednesday, 15 November 2023 06:48 PM

89.89 එක්වීමක් දෝ

:       1       0

අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 07:00 PM

මෙයා යන යන හැම තැකනම බොරු කයිවාරු ගහනවා, පාසැලකට ගියොත් අධ්‍යාපනය නවීකරණයට සැලසුම් සකස් කරලා තියෙන්නේ කියනවා, වෛද්‍ය සංගමයේ රැවීමකට ගියාම රෝහල් පද්ධතිය නවීකරණයට සැලසුම් සකස් කරලා තියෙන්නේ කියනවා, නීතිඥ සංගමයේ රැවීමකට ගියවිට අධිකරණ පද්ධතිය නවීකරණය කරන්න සැලසුම් සකස් කරමින් පවතින බව කියනවා දැන් සිනමා සම්මාන උළලකට ගිහිල්ලා සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න සැලසුම් සකස්කරලාලු අප්පා.... සජිත් කියන විදිහට නමි මෙයා මේ ටොම් පච ගහන්නේ. කිසිම වැඩක් බැරි බොරු කයිවාරුකාරයා.

:       1       2

පියනන්ද Wednesday, 15 November 2023 07:53 PM

කලාකාරයො සෙට් එකත් ගොඩ දාගත්තා එහෙනම්. ඊළඟට ජනපති පුටුවේ වාඩි වෙන්න හිතා ඉන්න උන් වෙන අතක් බලාගනිල්ලා.

:       0       1

ලුම්බිණි Thursday, 16 November 2023 05:03 AM

ගින්නෙන් උපන් සීතල තත්වයට පාර කැපු අයම එහි රඟපාපු අයට සම්මාන දීම විශේෂ දෙයක්.

:       1       3

Sarasi Thursday, 16 November 2023 06:39 AM

ස්වීනීතා. තාම ලස්සන යි..

:       1       1

Amal Thursday, 16 November 2023 12:32 PM

අපි පිo ජනාධිපති සහ 225 ම වාරණය කළ යුතුයි. මෙය ලබන වසරේ බලාත්මක කිරීම සහ පසු අනුස්මරණය අපේ අපේක්ෂාවයි !!!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site