1995 වර්සරේදී රජයට පවරාගත් කණ්ඩලම වැව් තාවුල්ලේ පරණගමේ ඉඩම් බෙදා ගැනීමට ගිය ව්‍යාපාරිකයන් දෙපිරිසක් අතර මහ වන මැද ගැටුමක් ඇතී වී වාහනයකට පහර දී වාඩියක ඇති බඩු මුට්ටු කුඩුකැර පැදුරු කොට්ට ගිනි තබා විනාශ කැර ඇතැයි දඹුල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.
කාළයක සිට ව්‍යාපාරිකයන් දෙපිරිසම දේශපාලන බලය පාවිච්කරමින් මෙම කැලෑ හෙළිපෙහෙලි කරමින් 1956 වසරේ රජයට පවරා ගැනීමට පෙර ගම්මුන්ට තිබු ඉඩම් ඔප්පු රැසක් උගසට තබාගෙන මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ උපක්‍රමයක නිරත වී සිටි බව ගැමියෝ කියති.
මේ සදහා ඇතැම් රජයේ නිලධාරීන් මෙන්ම ගම්මුන්ගේද සහය ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි දෙපිරිසෙන් එක් පාර්ශවයක් පිටින් පිරිසක් රැගෙනවිත් ගැටුම් ඇතිකර ගෙන ඇති බව පොලීසිය කියයි.
මෙම ස්ථානයට ගිය දඹුල්ල පොලීසිය පහරදී අලාභහානිකැර ඇති වෑන් රථයක් සහ දෙපිරිසම පොලීසියට කැදවාගෙන පැමිණ ඇත.
එම කැලෑවට ඇතුළු වු අපට දැක ගත හැකි වුයේ කැලෑව මැද ඉදිකිරීම්, වැව් තාවුල්ලේ අළුත් කෙසෙල් වගාවන් මෙන්ම වන සතුන්ගේ ඇටකටු ආදීයයි.මහා ඝණ කැලෑව හෙළිපෙහෙළි කැර මාර්ග කපා ඇති බවද දැක ගත හැකි විය.
කණ්ඩලම වැව පුළුල් කිරීමේ වැඩසටහන යටතේ 1956 වසරේ මෙම ගම්මානයේ පදිංචිකරුවන්ට ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර තුනයි වන්දි ලෙස ලබා දී නිවාස තනා දී කණ්ඩලම 40 හා 25 ප්‍රදේශවල පදිංචිකරවා ඇත.
පසුව එම ඉඩම් රජයේ ඉඩම් බවට ගැසට් පත්‍රයකින් තහවුරු කර නැතැයි පවසමින් කිහිපදෙනකු එක් වී දේශපාලන හිතවත්කම් මත එම ඉඩම් වලට තිබුණු ඔප්පු මගින් ව්‍යාපාරිකයන්ට මේවා අළෙවිකැර හොටල් ඉදිකිරීමට යන බව ගම්මුන් කියති.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලෑ නීතීයෙන් කණ්ඩලමේ ඉඩම් අල්ලන්න ගිහින්
උපාලි Thursday, 25 April 2013 03:55 PM
දඹුල්ලේ ඉඩම් ප්‍රශ්න නිතරම මතුවෙනවා. ඉඩම් ඇමැතිත් ඉන්නේ ඒ පැත්තේ නිසා ප්‍රශ්න අඩුවෙයි කියලයි අපි හිතුවේ. (නි)
රන්දි Thursday, 25 April 2013 06:27 PM
කැලෑවල ඉන්න වන සතුන් අලියන් ගමට ඇවිත් මිනිසුන් ගෙන් පළිගන්නේ ඇයි. මේ වගේ ප්‍රතිපල තමයි. පාර්ලිමේන්තුවේ ඇති කව්රුහරි? නැතිනම් කොහෙන්ද ඔච්චර හයියක්. (නදී)
බන්දුල Thursday, 25 April 2013 01:00 PM
මේ තරම් විනාසයක් කරනකල් වනජීවී එකයි, පොලිසියයි, බොදු බල සේනාවයි නිදාගෙනද හිටියේ? දැන් රටේ නීතිය වලපල්ලට ගිහින්. හඅමතඅනම ක්‍රියාත්මක වෙන්නේ කැලේ නීතිය. අපේම උදවියට තිබෙන අධික බල තණ්හාව නිසා රට, ජාතිය ඉක්මනින්ම විනාශය කරා තල්ලු වෙනවා. (නි)