
ලොස්ඇන්ජලීස් නුවර සිට වොෂින්ටන් දක්වා පියාසර කළ ඇමෙරිකා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් මගියකු කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ පිටවන දොරටුව උඩු ගුවනේදී විවෘත කිරීමට කිරීමට උත්සහ කළ අවස්ථාවේ ගුවන් සේවාකාවක එය වළැක් වූ බව වාර්තා වෙයි.
ගුවන් මගියාගේ එම ක්‍රියාව වැළැක්වීම සහා ගුවන් සේවිකාවක් කෝපි බඳුනකින් එම පුද්ගලයාට දෙවරක්ම පහරදි ඇත.
සැකකරු කලහකාරී ලෙස හැසිරීමට පෙර ගුවන් සේවිකාවන් වෙත පැමිණ ගුවන් යානයේ සිටින මගීන් තමන්ට අනතුරක් සිදු කිරීමට උත්සහ දරන බව පවසා ඇත.
එක් මගියෙක් අත තියුණු ආයුධයක් තිබෙන බවද පවසා ඇත.ඉන් අනතුරුව ඔහු ගුවන් යානයේ තිබූ ෂැම්පේන් බෝතලයක් ගෙන එය ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට කවුන්ටරයේ ගසා කැඞීමට උත්සහ දරා ඇත.
ගුවන් සේවිකාවන් එය වළක්වා ඇති අතර එහිදී ගුවන් යානය පියාසර නොකරන බව පවසා පිටවන දොරටුව විවෘත කිරීමට කිරීමට උත්සහ දරා ඇත. එහිදී ගුවන් සේවිකාවක් අත තිබූ කෝපි බඳුනකින් දෙවරක් පහර දී ඇති අතර ගුවන් යානයේ සිටි පොලිස් නිලධාරියෙක් සහ මගීන් සමග එකතු වී ගුවන් සේවිකාවන් මෙම සැකකරු බැඳ දමා ඇත.
මෙම සිද්ධිය හේතුවෙන් වොෂින්ටන් නගරය බලා පියාසර කල ගුවන් යානය මිසූරි හි පිහිටි කන්සාස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ගොඩ බස්වා ඇති අතර පොලිස් නිලධාරීන් සහ එෆ්.බී.අයි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු මගීන් වෙනත් යානයකින් ගමනාන්තය දක්වා පිටත් කර හැර ඇත.
විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස්
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කලහකාරිව හැසුරුණු ගුවන් මගියාට සේවිකාවගෙන් කෝප්ප පහරක්
Prabha Tuesday, 15 February 2022 01:59 PM
නම රඹුක්වැල්ලද?
RaveendraTuesday, 15 February 2022 02:59 PM
"රන්කෙත හෝ කෙසෙල් ලිය" ලෙස සම්පූර්ණ වියයුතු නොවේද?
de silva Tuesday, 15 February 2022 02:55 PM
මේ තීරුව අදාළ නැති වුණත් වෙන ලියන්න තැනක් නැති නිසා ලියනවා. අපේ දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ධනුෂ්කලා, කුසල්ලා නිසා විනාශ වෙලා...
කිරි පුතා Tuesday, 15 February 2022 04:23 PM
ගුවන් සේවිකාව නිර්භීතව කටයුතු කර තියෙනවා. ඔහු මානසික රොගියෙකු වග පෙනෙනවා.