IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කලාවැවේ ඒක දන්තට වෙඩි තබලා

(කුෂාන් ජයවර්ධන)

කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී.

මින් දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි පහරවල්වලට ලක්ව ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම් දීමක් අනුව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළ එම ඒකකයේ නිලධාරීහු පිරිසක් තනිදළයාට ප්‍රතිකාර කිරීමට  කටයුතු කරනු ලැබූහ.

ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබේ. ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබේන අතර ඒවා බදින තුවක්කු පත්තු වීමෙන් සිදුවන්නට ඇති බව වනජීවී නිධාරීහු අනුමාන කරති.

 



අදහස් (2)

කලාවැවේ ඒක දන්තට වෙඩි තබලා

මැක්ස් Saturday, 02 December 2023 09:51 AM

ඒ පාපතරයින්ට හෙණත්, ඔබට ඉක්මන් සුවයත් ලැබේවා ඇත් රජුනි...!

:       1       20

ජේම්ස් Saturday, 02 December 2023 12:17 PM

සුද්දගේ කාලයේ එක ඒජන්ත කෙනෙක් අලි ඇතුන්ට වෙඩිතැබීම කළා කියලා අහලා තියෙනවා.. අන්තිමේ ඒ සුද්දා හෙන ගහලා මැරුණා කියලාත් අහලා තියෙනවා. එහෙනම් මේ ඇතාට වෙඩිතැබූ හෝ බඳින තුවක්කු ඇටවූ මිනිසුන්ට හෙන නොවදී කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේද? සාමාන්‍යයෙන් බලන්න එහෙම දේවල් කරන මිනිස්සු සිටින ප්‍රදේශවල මිනිස්සු දියුණුවක් ලබා තිබේද කියලා... ඒවාට කැමැති අලිමංකඩවල හා අලින්ගේ වාසස්ථාන ආශ්‍රිතව ගෙවල් හදාගෙන වගාවන් කරගෙන සිටින මිනිස්සු පව්කාරකමට කියාවි අලි නිසා තමයි අපිට දියුණුවක් නැත්තේ කියලා...!

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site