IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි  පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීයකු මියගොස් තවත් සිව්දෙනකු  තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

එක් කොල්ලකරුවෙකු සහ ඔවුන්  පැමිණි යතුරුපැදි දෙකක් හා ගිනි අවියක්ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

කොල්ල කල්ලිය පුද්ගලයින් අට දෙනකුගෙන් පමණ සමන්විත අතර මේ වන විට මාතර දුම්රියපොල පාර,ගාලු පාර ඇතුළු  මාර්ග හතරක සැඟව සිටින කොල්ලකරුවෝ  සොයා පොලිස් මෙහෙයුම් දියත් කර තිබේ.

ඔවුන් සියළු දෙනා සතුව ගිනි අවි ඇති බව පොලීසිය සඳහන් කරයි. බරපතල තත්ත්වයේ පසුවන පොලිස් නිලධාරීන් රෝහලගත කර තිබේ.

 




අදහස් (9)

කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ

Sampath Friday, 22 June 2018 07:08 AM

කොල්ලකරුවන්ට ආයුධ කොහෙන්ද? තවත් හංගපුවා ඇති. ඒවා පෙන්නන්න එක්කරගෙන යන ක්‍රමවේදය ඕනේ කියල හිතෙන්නේ මට විතරද? නැත්නම් මේ රට හැදෙන්නේ කොහොමද?

:       32       640

නුවන් Friday, 22 June 2018 07:58 AM

ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේවා හිතා මතා කරන වැඩ...

:       240       22

Sanath Friday, 22 June 2018 08:17 AM

ආරක්ෂක අමාත්‍යාංශය දෙන්න තිබුණේ ෆීල්ඩ් මාර්ෂල් එස්.එෆ්. ට එහෙම කළානම් මේ වගේ මංකොල්ලකාරයෝ බය නිසාම මෙහෙම ප්‍රසිද්ධියේ මංකොල්ලකන්න එන්නේ නැහැ. අනික මේ හොරුන්ගෙන් වැඩිදෙනෙක් හමුදාවෙන් හොරෙන් පැනපු මැරයෝ නිසා ඒ අය දන්නවා සරත් ෆොන්සේකා භයානක බව. දැන්වත් රටේ අපරාධ රැල්ල මර්ධනය කරන්න ඕනෑ නම් කරන්න තියෙන්නේ එක දෙයයි.

:       0       0

dhammika Friday, 22 June 2018 08:27 AM

හැමදේම ෆොටෝ ගන්න එක නම් මහ වානර ගතියක්. වඳුරන්ට කණ්ණාඩියක් අහු වුණා වගේ... ගොඩක් අයට ෆෝන් එකත්..

:       51       38

Lapaya Friday, 22 June 2018 08:54 AM

අත්අඩංගුවට ගත්ත අයව... 1. ඉතුරු ආයුධ හංගපු තැන් හොයන්න එක්කගෙන යාම 2. අත්අඩංගුවට ගන්න යාමේදී පැනයෑම 3. අත්අඩංගුවට ගන්න යාමේදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම 4. අත්අඩංගුවට ගැනීමේදී පාලමකින් පහළට පැනීම මාංචු සමගම වුනත් කම් නැත. 5. අත්අඩංගුවට ගැනීමේදී ගොඩනැගිල්ලකින් බිමට පැනීම මේ වගේ කොච්චර දේවල් කරලා මේ අපරාද විසඳන්න පුළුවන්ද ක්ෂණිකව. උසාවිවලට ගෙනිහින් කාලය විනාශ කර ඇප ලබාදී නැවතත් කරව ගන්නවට වඩා. මම නම් හිතන්නේ නැහැ ඉහත ක්‍රමයට කිසිම කෙනෙක් විරුද්ධ වෙයි කියලා ඩොලර් වලට කහින එන්ජීඕ කාරයින් ඇරෙන්න.

:       0       1

sumith Friday, 22 June 2018 09:10 AM

අනේ දෙවියනේ මේ රටේ වෙන අපරාද, අපි කොහෙද ඉන්නේ, මොකක්ද මේ රටට වෙන්නේ, මිනිස්සු මුදල් පසුපස හඹා යන සමාජයක් බිහිවෙලා.., දෙවියෝ හාමුදුරුවෝ ලඟට ගිය කාලේ වෙනස් වෙලා, දෙවියන් හොයාගෙන යනවා... පොල් ගහනවා, ගම්මිරිස් අඹරනවා, තාත්ත තමන්ගේ ලෙයින්, මසින් හැදුණු දරුවා විනාශ කරනවා. අනේ එ්ත් පාන්දර පහට හැමදාම පිරිත් නම් ඇහෙනවා. අපි පුංචි කාලේ තිබුණු සරල ජීවිතේ මොන තරම් ලස්සනද? හැමදාම රෑට කාලා ඉවරවෙලා අපේ තාත්තා මේසෙට ගගහ අම්මත් එක්ක සිංදු කියනවා. අපි නටනවා... අපි එකොළොස් දෙනෙක් පවුලේ, හැමෝම නටනවා... සින්දු කියනවා. එ්ත් මට ඉන්නේ දෙන්නෙක් දුවලම, එයාල හැමදාම රෑට කාලා ඉවරවෙලා දෙන්නගේ කාමරවලට ගිහිල්ලා මොබයිල් ෆොන් එකෙන් කොටකොට ඉන්නවා. ඔන්න අපි දියුණු වෙච්ච හැටි... අපිට කාගේ පිහිටක්ද?

:       0       0

Anton Austria Saturday, 23 June 2018 01:52 PM

සුමිත් සමාවෙන්න මෙහෙම කියනවට ඔයාගේ දුවලව හදාගන්න ලෝකෙට සමාජයට දුරකටනයට බැනල වැඩක් නැ

:       0       0

Anton Austria Saturday, 23 June 2018 01:52 PM

සුමිත් සමාවෙන්න මෙහෙම කියනවට ඔයාගේ දුවලව හදාගන්න ලෝකෙට සමාජයට දුරකටනයට බැනල වැඩක් නැ

:       0       0

Chanak Los angeles Saturday, 23 June 2018 06:51 AM

මේ රටේ නම් ඔවැනි ක්‍රියාවක් සිදුවුණාම එම ස්ථානයේ කටයුතු කරන්නේ ආරක්ෂක නිලධාරීන් පමණි. සාමාන්‍ය ජනයා එ් අසලටවත් නොයන්නේය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site