IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා‘ දිවි ගමනෙන් සමුගනී

ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ක්‍රිස්ට් ලෙනාඩ් මහතා (83)  මාලිගාවත්ත සිය නිවසේ දි පෙරදින අභාවප්‍රප්තවිය.

කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා, අම්ම කියා කිතහැකි එකම ළඳකටයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ, වැනි ජනප්‍රිය ගීත රැසක් ද සුන්දර බිරිඳ, වරද කාගේ ද,  වීර විජය, ධීවරයෝ ශූර චෞරයා, සුනීතා යටගිය දවස, ඔක්කොම හරි, කොහොමද වැඩේ, හොඳම වෙලාව මහ රෑ හමු වූ ස්ත්‍රිය. කළණ මිතුරෝ සහ චණ්ඩියා යන චිත්‍රපට ගණනාවකට රංගනයේ දායක විය. ඔහු විකට රංගන ශිල්පියකු ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

‘කුල්ලෙන් පොලා පොලා ගල්කැට අහුලලා‘ දිවි ගමනෙන් සමුගනී

චානක ලොස් ඇන්ජලිස් Saturday, 24 October 2015 06:50 AM

මොහු තම අම්මට පුදකළ ආදරය සෙනෙහස පුදුමාකාරයි ....තම සුන්දර වයස පවා දිය කර හැරියේ තම මව වෙනුවෙන්ම කැප කරන්න ඕන නිසා....(රේ)

:       0       0

ලීල්වල Saturday, 24 October 2015 07:18 AM

ඔබට නිවන් සුව ලැබේවා .(රේ)

:       0       0

සරත් සව්දි Saturday, 24 October 2015 08:25 AM

නිවන් සුව පතමි (රේ)

:       0       0

විජය Saturday, 24 October 2015 09:10 AM

කුඩා දරුවන් ලෙස අප ඔබගේ ගීත අසා සතුටු උනා ඒ ගීත නිතර ගායනා කරමින් සතුටු උනා . අද ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබේ නාමය අප අතර සදහට පවතිනවා (රේ) ඔබ සිතු හා පෙතු අනාගතය එසේම ඔබට ලැබේවා

:       0       0

සමන්ත සයිමොන් Saturday, 24 October 2015 09:30 AM

ඔබට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ආසිරි Saturday, 24 October 2015 10:04 AM

නිවන් සුව ලැබේවා ප්‍රිය කලාකරුවාණෙනි (රේ)

:       0       0

වින්සන්ට් Saturday, 24 October 2015 10:36 AM

එදා වගේම අපේ ගෞරවය අදත් ඔබට හිමිවෙනවා ඇත. අනාගතයෙත් එය ඔබට හිමිවෙන නිසා සදාකාලිකවම ඔබ අප අතර සිටින උසස් කලාකරුවෙකි. (රේ)

:       0       0

අයි. කේ. එස් චන්ද්‍රසිරිි Saturday, 24 October 2015 10:37 AM

ඔබගේ ගීත තවම ජනප්‍රියයි ඔබට නිවන් සුව (රේ)

:       0       0

ටෙරල් Saturday, 24 October 2015 11:15 AM

මොහු තම අම්මට පුදකළ ආදරය සෙනෙහස පුදුමාකාරයි ....තම සුන්දර වයස පවා දිය කර හැරියේ තම මව වෙනුවෙන්ම කැප කරන්න ඕන නිසා.එදා වගේම අපේ ගෞරවය අදත් ඔබට හිමිවෙනවා ඇත.(රේ)

:       0       0

ගුනවර්ධන Sunday, 25 October 2015 11:35 AM

ඔබ වැනි කලාකරුවන් අපේ මතකයෙන් කවදාවත් ඈත් වන්නේ නැහැ ,ඔබගේ රංගනය විශිෂ්ටයි ඔබට නිවන් සුව .(අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 24 October 2015 01:26 PM

අර්ථවත් ගීත ගායන කල ජනප්‍රිය ගායකයෙක් ලෙස මෙතුමා කලා හදවත්තුළ අමරණීය වේවා! පොඩි දුකකට තියෙන්නේ අපේ ගීත කලාවේ නියැලුණු, ගායක ගායිකාවන් මියගිය පසු නැවත සමරන බවක් දකින්න නැති එකයි. ජෝතිපාල මහත්මා හැරෙන්නට අනෙත් ගායක ගායිකාවන් ගැන සලකනවා මදි නේද කියල හිතෙන්නේ නැද්ද?(අ)

:       0       0

සමන්ති Saturday, 24 October 2015 01:43 PM

ජෝතිපාල සමග යුග ගීතයක් "අලි නැව් එන කොළඹ නගරේ කොඩි ගහයට ඉපදුනේ" ගීතය ගයා ජෝතිපාලට අතදුන් ඔබට නිවන් සුව (අ)

:       0       0

සෙනරත් Saturday, 24 October 2015 02:05 PM

දයාබර කලාකරුවාණෙනි, ඔබගේ කටහඬ අප සිත් තුලින් කිසිදා නොමැකෙ . ඔබ සුගතියකට පත්වේවා ! (රේ)

:       0       0

උපාලි Saturday, 24 October 2015 02:26 PM

මෙතුමා තරුණ කාලෙදිම ජෝ අබේවිච්ක්රම, ඇන්තනි සි ප්‍රේර, හිගෝ ප්‍රනාන්දු වැනි ප්‍රබලයින් සමග "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ කරපු ඉතාම ප්‍රබල රංගනය මට අද වගේ මතකයි. එතුමාට නිවන් සුව පතමි. (අ)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 24 October 2015 10:40 PM

ඔබට සුව නින්දක්! (නි)

:       0       0

ඉඳුනිල් Sunday, 25 October 2015 12:57 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අභය Sunday, 25 October 2015 01:45 AM

ඔබ අමරණීයයි කලාකරුවාණෙනි (නි)

:       0       0

මලික් Sunday, 25 October 2015 02:52 AM

ආදරණීය කලාකරුවාණෙනි,ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site