හංවැල්ලේ කොල්ලකරුවන් රණාලේ ජාසිංහමුල්ල කැලයට වැදී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් කැළය වටකරගෙන සිටියි.
මිරිහාන විශේෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකය ද මින් මද වේලාවකට පෙර එහි යවනු ලැබීය.
පැහැරගත් ත්‍රිරෝද රිය ද කොල්ලකරුවන් මඟ දමා ගොස් ඇතැයි කියති.
එම සැකකරුවන් පැහැරගත් ත්‍රිරෝද රියෙන් රණාලේ එලිෆන්ට් හවුස් ආයතනය ළඟින් බැස රබර් වත්තක් මැදින් ගිය බවත්, එක් අයකු රෝසපාට ටීෂර්ටයක් ඇඳ සිටි බවත් ත්‍රිරෝද රියදුරා පොලිසියට කියා ඇත.
රබර්වත්ත කෙළවරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවියකු කියා ඇත්තේ තුවක්කුවක් හා පොට්ටනියක් බැඳගත් දෙදෙනකු මිනිත්තු දහයකට කළින් කුඹුර දිගේ යනු දුටු බවයි.
පොලිසිය කියනුයේ හතර දෙනා දෙකට බෙදී දෙපැත්තකට යන්නට ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලකරුවන් අල්ලන්න රණාලෙ කැළේ වට කරයි