IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුලරත්න විදුහලේ මලල ක‍්‍රීඩකයෝ වෙනත් පාසලක ලැයිස්තුවෙන් එති

අම්බලන්ගොඩ කලාප මලල ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටින බව කියන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු එම ප‍්‍රදේශයේ වෙනත් පාසලක ක‍්‍රීඩක ලැයිස්තුවට නීති විරෝධි ලෙස ඇතුළත්කර ඇතැයි කුලරත්න විදුහලේ විදුහල්පති ජී. ඩබ්ලිව්. ජගත් සේනාරත්න මහතා අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ. චෝදනා එල්ල වී ඇති පාසලේ ක‍්‍රීඩක ලැයිස්තුවට එම ප‍්‍රදේශයේම තවත් පාසලක ක‍්‍රීඩිකාවක් ද ඇතුළත්කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. කලාප ක‍්‍රීඩා උළෙලේදී කුලරත්න විදුහල නියෝජනය කිරීමට නියමිතව සිටින වයස 17 න් පහළ  කෙටි දුර ධාවන ක‍්‍රීඩකයන් දෙදෙනකු සහ වයස 19 න් පහළ කෙටි දුර ධාවන ක‍්‍රීඩකයකු මෙලෙස අනවසරයෙන් කලාප තරගාවලියේදී වෙනත් පාසලක ක‍්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්කර ඇති බවට කුලරත්න විදුහල චෝදනා කරයි. මෙසේ නීති විරෝධිව ඇතුළත්කර බව කියන ක‍්‍රීඩකයන් මෙතෙක් සිය පාසලෙන් අස්වීම් සහතික ලබාගෙන නොමැති බවත් මෙම ක‍්‍රියාව සදාචාරාත්මක නොවන නීති විරෝධි ක‍්‍රියාවක් බවත් පැමිණිල්ල මගින් කු-ලරත්න විදුහල අවධාරණය කරයි. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කුලරත්න විදුහලේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා පැවසුවේ මෙම ක‍්‍රියාවෙන් චෝදනා ලබා සිටින පාසලේ දක්‍ෂ ක‍්‍රීඩකයන්ට ද අසාධාරණයක් වන බවය. ‘‘මේක කාලයක සිට කරගෙන යන වැඩක්, දැන් අපිට මේ අයටත් එක්ක ක‍්‍රීඩකයන් හදන්න වෙලා තියෙන්නේ. මේ පාසල අපේ මලල ක‍්‍රීඩකයන්ට අමතරව මීට පෙර දක්‍ෂතා ඇති ක‍්‍රිකට්, පිහිනුම් සහ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ගණනාවක් ද ඇතුළත් කරගැනීම නිසා ප‍්‍රදේශයේ වෙනත් පාසල්වල ක‍්‍රීඩාව කඩා වැටීමට ද මෙම තත්ත්වය හේතු විය හැකියි’’ යැයි විදුහල්පතිවරයා වැඩි දුරටත් පැවසීය. අදාල විදුහල ප‍්‍රදේශයේ වෙනත් පාසල්වල දක්‍ෂ ක‍්‍රීඩකයන් 30 ක් පමණ සිය පාසලට ඇතුළත්කර ගැනීමට මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

කුලරත්න විදුහලේ මලල ක‍්‍රීඩකයෝ වෙනත් පාසලක ලැයිස්තුවෙන් එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 894 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site