(සුසිල් පියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පාතාල නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වන ඇල්පිටිය පිටුවල පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදාවේ සෙබළකු හා හිටපු යුද හමුදා සෙබළකු ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් හා එයට දැමිය හැකි උණ්ඩ දහයක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා පැමිණි යතුරු පැදිය හා ඔහු ඝාතනය කොට එම යතුරු පැදියෙන් පලා යාම සදහා සකසා තිබු ව්‍යාජ යතුරු පැදි අංක තහඩු දෙකක් ද මේ සමගම අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ ඝාතනය සදහා පැමිණි සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනා පාතාල කෙරුමකු ලබාදුන් කොන්ත්‍රත්තුවකට අනුව මේ දෙදෙනා පැමිණි බව මේ වන විට අනාවරණයවී ඇති බව ද පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා මේ ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා පතුරම් ලෝඩ් කර තිබූ පිස්තෝලය ද සූදානම් කරගෙන ඇල්පිටිය පිටුවල පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් ඇති බවත් ඔහු එම ස්ථානයේ නොසිටි බැවින් ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ ඔත්තු බලමින් සිටියදී මෙසේ සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුනු බවත් පොලීසිය කිය
------------------------------------------------
(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය පිටුවල පදිංචි කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදා සෙබලුන් දෙදෙනකු ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් සමග සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනා පාතාල නායක රත්ගම විදුරගේ ගෝලයන් දෙදෙනකු බව මේ වන විට අනාවරණයවී ඇති බව ද පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පිටුවල ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසල රැදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර හමුදා සෙබලුන් දෙදෙනා නිවාඩුවට ගමට පැමිණ මේ සදහා පැමිණ ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුලියට මිනී මරන්න ගිය සෙබළා සහ හිටපු සෙබළා මාට්ටු
Achini Sunday, 08 October 2023 09:26 AM
මේ කට්ටිය අත්අඩංගුවට අරන් ආයේ නිදහස් කරනවද?
samSunday, 08 October 2023 06:29 PM
රාජකාරියේ යෙදී සිටිනා හමුදා සාමාජිකයින් පාතාලය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳව පරීක්ෂණයක් කිරිමට යුද හමුදාව මගින්ද කළයුතුවේ.
sriyal Sunday, 08 October 2023 02:19 PM
ඇප නොදිය යුතුයි...
කිරිපුතා Sunday, 08 October 2023 02:19 PM
රාජකාරියේ යෙදී ඉන්න හමුදා සාමාජිකයින් පාතාලය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම අතිභයානක සිද්ධියක්... ඒ ගැන රජය විශේෂ අවධානයක් යොමුුකරාවි යැයි සිතමු...
නිමල් Sunday, 08 October 2023 06:53 PM
හමුදාවේ වැඩ කරන් ගමන් පාට් ටයිම් කුලියට මිනී මරනවා. බරපතල තත්වයක්.