විදුලි බල මණ්ඩලයෙන් පුත්තලම කලපුවේ ඉදි කරන බව කියන විදුලි කුලුනු ප්‍රශ්නයේ දී ධීවරයන්ට ඇහුම්කන් නොදෙතියි කියමින් කළපු දීවරයෝ පිරිසක් පුත්තලම නගර සභාපති කේ ඒ බායිස් මහතාට හූ තැබූහ.
ඔහුගේ ආරක්ෂක නිලධරයෝ වහාම ඔහු ජිප් රථයක නංවාගෙන රැගෙන ගියහ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ බව කියා ගත් පිරිසක් ධීවරයන්ගේ තොරතුරු විමසීමේ සිද්ධියකට ද ධීවරයන් විරෝධය පළ කිරීමෙන් පසුව නගර සභාපති එහි පැමිණියේ ය.
නගර සභාපති තමනට දොස් තැබූ බව ධීවරයෝ කියති.
ඔවුන් පවසනුයේ ප්‍රශ්නයට විසඳුමක් නොදී නගර සභාපති තමනට දොස් පැවරීම නිසා ධීවරයන් නොසන්සුන් වූ බවයි. මිනිත්තු පහක් පමණ හූ හඬ හැසුණු බවයි.
කලපුවේ දූපත් පහක විදුලි කණු ඉදි කර නොරොච්චෝලේ විදුලිය උතුරු මැදට රැගෙන යෑමට මේ වැඩපිළිවෙළ යොදතියි ධීවරයෝ කියති.
එහෙත් නිලධරයන් පවසනුයේ පස් පරීක්ෂා කිරීම හැර විදුලි කණු සිටුවීමක් සිදුවී නැති බවයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලපු ධීවරයෝ නගර සභාපතිට හූ කියති
අශෝක Sunday, 01 June 2014 07:17 PM
මොනවා වුණත් වැදගත් නිලයක් දරන පුද්ගලයෙක්නේ.... (නි)
සුසන්ත Sunday, 01 June 2014 07:21 PM
අයියෝ! මේ මොකද වුණේ? (නි)
වසන්ති Sunday, 01 June 2014 10:01 PM
ඔන්න අද අපේ රටේ තත්ත්වය.... (නි)
තරිඳු Monday, 02 June 2014 02:38 PM
මිනිස්සුන්ට විකල්පයක් නැති වුනාම ඔය විදියේ වැඩ වෙනවා. තව ඉස්සරහට මීට වඩා දේවල් අහන්න ලැබේවි. (නදී)
ජීවක Sunday, 01 June 2014 10:54 PM
මොනවා වුණත් මේ කළ දෙය මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
නීලන් Monday, 02 June 2014 09:24 AM
ඔය ජාතියේ කට්ටිය ඔහොම තමයි. (ස)