IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්ලීන් ශ්‍රී ලංකා නව වසරේ වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

රටේ හැම අංශයක්ම පිරිසිදු කරන Clean Sri Lanka ජාතික වැඩසටහන ජනවාරි පළවෙනිදා සිට අරඹන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ජනවාරි 1 උදෑසන 9.00ට මෙම ජාතික වැඩපිළිවෙල ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

Clean Sri Lanka ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොව මුලු රටේම පුර වැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙලක් බවද ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා කීය.

පොහොසත් රටක් ! ලස්සන ජීවිතයක් ! යන තේමාවෙන් ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙල යටතේ මුලු රටේම පරිසරය පිරිසිදු කරනවාට අමතරව ලොව දියුණු රටවල ජනතාව බුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුමකර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා කීය.

 



අදහස් (4)

ක්ලීන් ශ්‍රී ලංකා නව වසරේ වැඩ අරඹයි

Rohana Monday, 30 December 2024 05:16 PM

නව රජය අරඹන ඉතා හොඳ වැඩපිළිවෙළක්. විශේෂයෙන් පරිසරයට මුදාහරින කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, බෙලෙක්ක වැනි අපද්‍රව්‍ය ක්‍රමවත්ව මුදාහරිමින් පරිසරය පිරිසිදු කරන වැඩ පිළිවෙලකට ජනතාවද හුරුකරවීම අත්‍යාවශ්‍ය දෙයක් වී ඇත.

:       11       49

Muditha Monday, 30 December 2024 05:21 PM

වැඩේ හරියට, දිගටම කරනවා නම් අපිත් බොක්කෙන් සපෝර්ට්...

:       11       44

විදුර Tuesday, 31 December 2024 06:18 AM

ලංගම බස් ටිකයි ප්‍රයිවට් බස් ටිකයි සෝදලා දාන්න. හැමදාම උදේට. කෝච්චියටත් ඒ විදියටම කරන්න . ඕනවාටත් වඩා සේවකයින් ඉන්නවා ඒ වැඩේට .

:       0       26

Duminda Udayakumara Tuesday, 31 December 2024 09:18 AM

ඔව් අපිට පුළුවන්... සුබ පැතුම්

:       8       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site