IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කැලෙත් අපේ මහ පාරත් අපේ ’

කතරගම බුත්තල මාර්ගයේ ධාවනය වන ඇතැම් බස් රථ වලින්  වල් අලියන්ට ආහාර දීමට පුරුදු  වීම නිසා අඩු ගණනේ අලි ඇත්තු දෙතුන් දෙනෙක්  නිතරම වාගේ පාරට වී සිටිති.

කෑම නොදෙන වාහනවලටද මෙම සතුන් පහර දෙතියි කියති.වාහන පහළොවකට පමණ පහරදී ඇතැයි ද දැනගන්නට ඇත.

ඌව සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියනුයේ අලින්ට කෑම නොදෙන ලෙස  බස් රථ හිමියන් දැනුම්වත් කළත් එය බීරී අලින්ට විණා ගායනා කිරීමක් බවයි.

 hiran-1 hiran2



අදහස් (0)

‘කැලෙත් අපේ මහ පාරත් අපේ ’

අපොන්සු Sunday, 31 August 2014 08:15 AM

තව තවත් වල් අලින්ට කෑම දීලා කනවෝ කනවෝ කියමු. (නදී)

:       0       0

සෑම් Sunday, 31 August 2014 08:34 AM

වල් අලින්ට ආහාර දීමෙන් ඔවුන්ට දීර්ඝකාලීන අයහපතක් සිදුවෙන බව ඇත්ත. ඒ වුණාට අපේ සිංහල බෞද්ධ සමාජයේ තිරිසන් සතෙකුට ආහාරයක් දීලා ඒක කන හැටි දැකීම ඉතාම මානසික සතුටක් ගෙනදෙනවා. අපි පොඩි කාලේ හුනන්ට ඉරට්ටේ ගහලා බත් දෙනවා,වෙලේ ඉන්න මාළුන්ට පාන් දෙනවා.ඉතුරු වූ ආහාර කාක්කෙකුට හරි පුසෙකුට, බල්ලෙකුට කන්න පුළුවන් වෙන විදියට හොඳට අනලා එළියේ තැනක පිරිසිදුව තියනවා.මේකත් ඒ සංස්කෘතියේම දිගුවක්. මොකද මේ අලින්ට මිනිස්සු කන්න දෙන්නේ මුකුත් ලාබයක් බලාගෙන නොවෙයිනේ. (නි)

:       0       0

සෝමා Sunday, 31 August 2014 08:33 PM

මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බස් හිමියන්ගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා. නැත්නම් කියන දේ තේරෙන්නේ නැද්ද? ‍ (නි)

:       0       0

ධම්ම Sunday, 31 August 2014 09:18 AM

වරක් මා දැක්කා ඇමතිතුමෙකුත් ජීප් එකක නැඟලා අලින්ට විහිළු කරමින් යනවා මේ පාරේ. (නි)

:       0       0

නිසල් Wednesday, 17 September 2014 04:24 AM

හරි ජොලි අප්පා එ්ක පට්ට වැඩේ නේ . (ස)

:       0       0

හේමන්ත Sunday, 31 August 2014 09:58 AM

කවදා වෙනතුරු පාරට ඇවිදින් බලා ඉඳීවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Monday, 01 September 2014 08:59 AM

අපි දැන් පාරවල් හදන්න දක්ෂයෝනේ. මේ පාර තව අඩි පහක් උස්සලා දෙපැත්තේ සිරස් බැමි බැන්ඳා නම් අලින්ට පාරට එන්න බැහැ. මංකඩ හදා අලින්ට පාර මාරුවෙන්න දෙන්න පුළුවන්.සංචාරක ව්‍යාපාරයටත් හොඳයි. (නි)

:       0       0

සමන් Monday, 01 September 2014 09:18 AM

ඔයාලා කොහොම කිව්වත් මමත් ඔය ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. කෑම දුන්නේ නැත්නම් ඔය අලි අපේ වාහන වලට ගහනවා. එහෙම නැත්නම් මඟ හරස් කරනවා. කරන්න තියෙන හොඳම දේ තමයි අලි වැටක් ගහන එක (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 01 September 2014 09:23 AM

හොඳම වැඩේ තමයි අලින් සඳහා ආපන ශාලා විවෘත කරන එක (නි)

:       0       0

සුනිල් විතානගේ Sunday, 31 August 2014 10:41 AM

අලි ඔක්කොම කුලප්පු වෙලා වගේ (නදී)

:       0       0

හෂාන් Sunday, 31 August 2014 11:03 AM

සත්තුත් පවු මිනිස්සුත් පවු! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 01 September 2014 03:12 AM

මේ අන්දමට වන අලින්ට කෑම දෙන්නේ දිනපතා යන එන මඟී බස් රථවලින් නොව, වන්දනා සහ විනෝද චාරිකා යන බස් වලිනුයි. උඩවලවේ වැව පහුවුණාම විදුලි වැට අයිනේ ගැවසෙන අලි රංචුවට කෑම දෙන්නෙත් ඔය වගේ එන අයම තමයි. ඒක නිසා මේ වරදටත් දඬුවම් කරන්න පුළුවන් නීතියක් වන ජීවී එකෙන් හදන්න ඕනෑ. නැත්නම් මේක නතර කරන්න බැහැ. (නි)

:       0       0

පිටිගල Monday, 01 September 2014 03:24 AM

හරි. දැන් කෑම දෙන එක නැවැත්වුවා කියමු. ඊළඟට මොකද වෙන්නේ? කෑම දෙන එකවත් නතර කරන එකවත් නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. අලින්ට පාරට එන්න බැරි වෙන්න යමක් කළයුතුයි. නැත්නම් අලින්ගේ අඩවිය මැදින් ඇති පාරවල් වසා දැමිය යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 31 August 2014 11:44 AM

මෙය පමණක් නොව පුද්ගලික බස් වලට කියන හැම දෙයම එහෙමනේ. මේ සතුන් තුන්දෙනා අල්ලලා නැවත එන්නෙපා කියල ගිහින් දැම්මොත් ටික කලකට වත් ප්‍රශ්නය විසදේවි (නදී)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 03:25 AM

මෝඩ රියදුරන්ට තේරෙන්නේ නැත්නම් වල් අලින්ට තේරේවිද? හැමතැනම දැන් ඉන්නේ බීරි අලි තමා. (නි)

:       0       0

නුවන් Monday, 01 September 2014 03:41 AM

කෑම දෙන්න එපා කියලා කිව්වට මේ හිඟන්නා කියන අලියා කෑම දෙනකන් පාර අවහිර කරගෙන ඉන්නවා . කෑම දුන්නට පස්සේ තමා අයින් වෙන්නේ.ඒක නිසා පාරේ යන්න කෑම දෙන්නම වෙනවා. දැන් එයාගෙන් පුරුදු වෙලා තව අලි දෙන්නෙක් මේ වැඩේ කරනවා. ඒ අය හිඟන්නා වගේ නෙමෙයි සමහර වෙලාවට වාහන වලට ගහනවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 01 September 2014 03:44 AM

අපේ සමහරුන් නීති රීති තිබුනාට ඒවා පිළිපදින්නේ නැහැනේ. දවසක හොඳ පාඩමක් ඉගෙනගත්තම කළ වරද තේරේවි. එවිට ප්‍රමාද වැඩියි.වෙන්න තිබෙන දේවල් සියල්ල සිදුවී අවසානයි. (නි)

:       0       0

සිරී Sunday, 31 August 2014 12:43 PM

සියලුම මාර්ග සහ ගම වටා විදුලි වට සවිකිරීම තමා කාලින අවශ්‍යතාවය වන්නේ.(දිල්)

:       0       0

කින් බෙනට් Sunday, 31 August 2014 01:14 PM

රටේම අලි ටික දැන් නම් ඉන්නේ පාරේ තමයි .. යන එන මං නෑ.. මට දුක රටේම ඉන්න මි හරක් ටිකත් හෙට අනිද්දට පාරට වැටෙයිද කියලයි ..(අ)

:       0       0

රවී Monday, 01 September 2014 04:00 AM

අලින්ගේ වනය රැකදෙන්න. වනයේ කෑමට දේවල් නැති නිසා තමයි අලි ගමටත් පාරටත් ඇවිල්ලා ඉන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 01 September 2014 04:01 AM

පිටිගල මල්ලි, ඔය කියන හරියේ අලි වැට තියෙනවා, හැබැයි අහළ පහළ ගම්වල උදවියත් ලොකු වරදක් කරනවා. තමන්ගේ හරක් රංචු කැලෑවට යන්න පුළුවන් විධියට අලි වැටේ කම්බි පහත් කරනවා. එම අවසරයෙන් වන අලි පාරට එනවා. මෙහෙම කෑම දෙන නිසා උන් ආපසු කැලයට යන්න කැමති නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 04:19 AM

මහා සද්දන්තයෙක්නේ.මෙයා කුලප්පු වුණොත් එහෙම පොඩිපහේ විනාශයක් නෙමෙයි වෙන්නේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 01 September 2014 01:45 PM

සමහර අදහස් වලින් හැඟවෙන්නේ ඒ අයගේ දැනුමේ තරමයි. (නි)

:       0       0

ගිහාන් Monday, 01 September 2014 05:05 AM

දැන් අර බස් එකෙන් එලියට වෙලා බෙල්ල දික් කරගෙන යන නිල් කමිසය ඇඳපු කෙනා බලන්න. මොන තරම් අවධානයක් ද ගන්නේ ? මොනවා හරි වුනාම අන්තිමට ආණ්ඩුවටයි අලියාටයි අලියාගේ ආච්චිලා සීයලාටයි එක්ක බනින්න කට්ටිය ඉඳීවි. (නදී)

:       0       0

නුවන් Monday, 01 September 2014 05:06 AM

විදුලි වැට කඩා දැමීමට අලින් දැන් පුරුදු වී ඇත. එඅම නිසා ඉතාම අඩු වියදම් සංකල්පයක් ලෙස කැලය වටා ජේ.සී.බී මගීන් ත්‍රිකෝණාකාර අගල් කැපීම මගීන අලි ඒම වැලක් විය හැකිය (නදී)

:       0       0

බටුගෙදර Monday, 01 September 2014 02:00 PM

දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

සංජය Monday, 01 September 2014 05:33 AM

විදුලි වැටවල් වලට වඩා පතොක් වැටවල් ලාභ නැද්ද? ඕනෙම පරිසරයක වැඩෙන මේ ගස් විදුලි වටට වැඩිය ආරක්ෂා කාරී නැද්ද? (නදී)

:       0       0

හේමන්ත රණවක Monday, 01 September 2014 05:33 AM

සිරි , මේක අලි එහා මෙහා යන පාර. මේකට අලි වැටක් දමන්න බැහැ. අභය භුමියේ අලින්ට කන්න දෙන්න වාහන නතරකරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අලි ගම්වදින්න හේතුවත් මෙහෙම කෑම පුරුදු කිරීමයි. මේක දකින කවුරුවත් කැලේ ඉන්න වල්සතුන්ට කන්න දෙන්න යන්න එපා හොඳේ. එහෙම කලොත් ඉල්ලන් කන්න වෙනවා ළඟදීම. (නදී)

:       0       0

නිමල් Sunday, 31 August 2014 05:14 PM

සමහර අදහස් දැක්කහම හිතෙනවා එයාලා ළඟම ඇති රෝහලට ගොස් ඔලුව පරික්ෂා කරගත්තොත් හොඳයි කියලා (නි)

:       0       0

දේවප්‍රිය Sunday, 31 August 2014 05:25 PM

මිනිස් ඝාතන වෙනකම් ඉන්නේ නැතුව බැරිද මේ හිඟන්නාව වෙනත් පළාතක වන උද්‍යානයකට ගිහින් දමන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site