IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට

කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය  යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එතැනි කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි කියයි.   එම සිසුවිය තෙල්දෙණියේ පදිංචි කාරියකි. මරණයට හේතුව සොයාගැනීමට මරණ පරීක්ෂණ අද සවස පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට

නිමල් Monday, 28 July 2014 01:20 AM

මියගිය තරුණිය හෘද රෝගයකට බෙහෙත් ගනිමින් සිටිය අයෙක් කියා ආරංචියක් තිබෙනවා නේද? (නි)

:       0       0

ලසිත් Sunday, 27 July 2014 03:13 AM

හොඳයි සංජු ඔච්චරම දන්නවා නම් අපිටත් දැන ගන්න කියන්නකෝ මේ ළමයා මැරුණ හේතුව. (නදී)

:       0       0

ගයනී Sunday, 27 July 2014 03:18 AM

මට පේන්නේ සංජු හරිම රණ්ඩු කෙක්කක් වගේ. මෙතන ඕනෑම කෙනෙකුට තමන් කැමති ස්වාධින අදහසක් ලියන්න පුළුවන් තැනක්. මමත් වීඩියෝ එකක් බලා ශාරීරික අභ්‍යාසයක් කරන්න ගිහින් කොන්දේ අමාරුවක් හැදුනා. දොස්තර මහතා මට කීවෙත් මීට පසුව හරි හමන් උපදෙසක් නැතිව විශේෂ ව්‍යායාම කරන්න එපා කියලා. (නදී)

:       0       0

ලලනී Monday, 28 July 2014 02:06 AM

මමත් දැක්කා වාර්තාවක ඇගේ සරසවි මිතුරියක් කියලා තිබෙනවා , මියගිය තරුණිය හෘද රෝගයකට බෙහෙත් ගනිමින් සිටියා කියලා. රෝගී තත්වයට ඔරොත්තු නොදෙන අධික වෙහෙස මහන්සිය නිසා තත්ත්වය උත්සන්න වෙන්න ඇති. (නදී)

:       0       0

බිමල් Monday, 28 July 2014 02:52 AM

ජගත් මම හිතන විදියට මෙතන බහුතරයක් අදහස් කරන්නේ යෝග ප්‍රගුණ කල ගුරුවරයෙකුගෙන් උපදෙස් නැතිව හෝ තමන් ගේ ශරීර සෞක්‍යයට හරියනවා දයි නොදැන යෝග කිරීම සුදුසු නැහැ කියලා.(නදී)

:       0       0

ටීචී Monday, 28 July 2014 03:00 AM

මේ ළමයා නැතිවෙලා තියෙන්නේ මෙයාට පපුවේ අමාරුව තියෙන නිසා මිසක් යෝග නිසා නෙවෙයි (නදී)

:       0       0

පතිරණ Sunday, 27 July 2014 05:17 AM

සමහර යෝග ආසන අදික රුදිර පිඩනය හෝ හදවත් රෝගීන්ට හොඳ නැහැ. එ්ක පුහුණු යෝග ගුරුවරු දන්නවා. ඉන්දියානු ටී වී වැඩසටහන් වලින් මේක අපිට දකින්න පුළුවන්. නමුත් අපේ රටේ ටී වී වැඩසටහන් එහෙම හොද උපදේශකවරු අඩුයි. අනික තරුණ කෙනෙක් නිසා තමන් නිරෝගී කෙනෙක් කියලා හිතාගෙන හිටියා වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

භානු Saturday, 26 July 2014 09:57 AM

යෝග ව්‍යායාම කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් නිවැරදි උපදෙස් ගෙන ඒවා කල යුතුයි. හැම ආසනයක්ම හැමෝටම හරියන්නේ නැහැ. විශේෂයෙන් කාන්තා පක්ෂයට ඇතැම් අවස්ථා වල අනුමත නොවන ව්‍යායාමත් තිබෙනවා. මේ තරුණිය එහෙම දෙයක් කරන්න ගිහින් මේ විපත සිදු වුනාද කියල මට හිතෙනවා. (නදී)

:       0       0

චාන්දනී Saturday, 26 July 2014 10:01 AM

කාන්තාවන් යෝග ව්‍යායාම කරන විට එය හිතුමතේට කරන්න හොඳ නැහැ. සමහර ක්‍රම බවලත් පක්ෂයට සුදුසු නැති අවස්ථාත් තිබෙනවා. මේ ළමයා කාගෙන් වත් නිවැරදි උපදෙස් එක්ක මේවා කලාද දන්නේ නැහැ. (නදී)

:       0       0

අමේලියා Monday, 28 July 2014 03:59 AM

ඇයි වදේ මේගොල්ලෝ සන්ජුට ඒවා මේවා කියන්නේ. හරි නරකයි හොඳේ. (නදී)

:       0       0

කුමාරි Monday, 28 July 2014 04:02 AM

එහෙම හෘද රෝගයක් තිබෙනවා නම් වෛද්‍ය නිර්දේශ මත නෙවෙයිද මේ ළමයා යෝග කරන්න ගිහින් තියෙන්නේ ? (නදී)

:       0       0

දිලිනි Monday, 28 July 2014 04:09 AM

මැරතන් ක්‍රීඩා සහ විශේෂ ව්‍යායාම වලට සහභාගී වුන කිහිප දෙනෙක්ම පසුගියදා නැති වුනා නේද ? තමන්ට අසනීපයක් තිබෙනවා නම් මේ ඇඟ වෙහෙස කරන ව්‍යායාම ආදිය කරන්න කලින් සුදුසු කෙනෙක් ගෙන් උපදෙස් ගන්න තිබුනා. ඇයට නිවන් සුව පතමි. (නදී)

:       0       0

සම්පත් Sunday, 27 July 2014 08:06 AM

මේ හැම දෙයක්ම සල්ලි වලට විකිනෙනවා ඉතින් මිනිස්සු රවටල වැරදී දේවල් කියා දෙනවා. අපේ මිනිස්සුත් ලස්සන වෙන්න හරි වැඩි කල් ජීවත් වෙන්න හරි කියල මේවා කරනවා. යෝගාවලට යන කලේ ගත්තම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා කියලයි මට හිතෙන්නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 July 2014 10:43 AM

ඕකනේ කියන්නේ නොදන්නා යෝගා වලට වඩා දන්නා කැන්ඩියන් ඩාන්ස් පාරක් දාගෙන ගෙන ඉන්නේ නැතුව , දැන් ඉතින් ජීවිතෙත් අහිමි කරගත්තා (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 27 July 2014 09:54 AM

මැරුණට පස්සේ තව මොන පරික්ෂනද ? (නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Saturday, 26 July 2014 12:31 PM

මගේ පළාතට දැන් ගොඩක් ප්‍රශ්න වැඩි වෙලා ,මිනිස්සු මැරෙන ගණන වැඩිවෙලා , නියගය වැඩිවෙලා ,දුප්පත් කම වැඩිවෙලා , ගොවියෝ අසරණ වෙලා මොකද මේ වෙන්නේ ,රට ඉන්න අපිත් අසරණ වෙලා , නමුත් දේශපාලන ලොක්කෝ සැප විදිනවා , නිදන් හාරල හරි (නදී)

:       0       0

ලීල් ධර්මපිය Sunday, 27 July 2014 11:44 AM

දැන් ඉතිං යෝග ව්‍යායාමත් නවත්තන්න කියලා නිලධාරී කියයි. (නදී)

:       0       0

ගයනී Sunday, 27 July 2014 11:50 AM

භානු කියන දේවල් වල එක්තරා ඇත්තක් තිබෙනවා. මමත් කලකට පෙර යෝග ව්‍යායාම කරලා කොන්දේ කැක්කුමක් ආවා. දොස්තර මහතා ගේ උපදෙස් මත මම ඒවා නැවැත්තුවා. ඇත්තටම මම පොතක් බලාගෙන මිසක් ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන නෙවෙයි ඒ ව්‍යායාම කලේ. (නදී)

:       0       0

ගිහාන් Sunday, 27 July 2014 11:53 AM

දැන් එතකොට සංජු දන්නවද හරියටම මේ ළමයා නැතිවුනේ කොහොමද කියලා. ඔබත් කරන්නේ අනුමාන ප්‍රකාශයක් නේ. අපි කවුරුවත් මෙතන කොරනෙල් රාලහාමි ගේ වැඩේ භාරගෙන නැහැනේ . (නදී)

:       0       0

ජගත් Sunday, 27 July 2014 01:32 PM

දැන් ඔය ඉහත ලියූ ඔක්කොම කියන්නේ මේ ළමයා මැරුනේ යෝගී කරන්න ගිය නිසා කියලද? අනේ අම්මපා! දැන් යෝගී නැවැත්තුවහම මිනිසුන් මැරෙන්නේ නැතුව ඉඳීවිද? (නි)

:       0       0

නිහාල් Saturday, 26 July 2014 02:43 PM

නොදන්නා කෙහෙල් මල් කරන්නේ නැතිව පැය බාගයක් අවිද්දා නම් හොඳටම ඇති මැරෙන්නේ නැතිව (නදී)

:       0       0

ලලින්ද්‍ර Monday, 28 July 2014 09:40 AM

මම කාලයක් ගුරුවරයෙක් නැතුවත් දැන් ඇතුවත් යෝග කරනවා. ගුරුවරයෙක් නැතුව පොතපතින් බලාගෙන කළේ යෝගද කියලා මට දැන් හිතෙනවා (නි)

:       0       0

චමිල Saturday, 26 July 2014 07:59 PM

මැරෙන්න වෙලාව අාවම මොන විදියකින් හරි මැරෙනවා එ්ක වලක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ (නදී)

:       0       0

එරංග Sunday, 27 July 2014 07:26 PM

ව්‍යායාමයක් වුණත් කළ යුතු විදිහක් තිබෙනවා (නි)

:       0       0

ලසන්ත Sunday, 27 July 2014 09:19 PM

සංජු, ඔයා දොස්තර කෙනෙක්ද? අනෙක් උදවිය මොනවත් දන්නේ නැහැ . ඔයා ඔක්කොම දන්නවා වගේ (නි)

:       0       0

සංජු Sunday, 27 July 2014 12:00 AM

අපි නොදන්න යෝග. නිකන් නොදන්න දේවල් දන්නවා වගේ කියන්නේ නැතිව ඉන්න භානු. යෝග කරද්දී මැරුණට හේතුව යෝග වෙන්න බැහැ. වෙන හේතුවක් අැත්තේ. අපේ මිනුස්සු හරිම පසු ගාමිනේ. (නදී)

:       0       0

සංජු Sunday, 27 July 2014 12:09 AM

මොනවා උනත් එ් මනුස්සයා දැන් මැරිලා ඉවරයිනේ. (නදී)

:       0       0

නිහාල් Monday, 28 July 2014 12:06 AM

අද සුපිරි තරු වෙන්න දඟලන හුඟක් අය අනවශ්‍ය වෙහෙසක් ගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site