(ලාල් එස් කුමාර)
කැලණිය සරසවියේ ජයතිලක කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ අද (03)පෙරවරුවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්නත් සමග ඇති වූ දුම ආග්‍රාහනය වීමෙන් සිසුන් දෙදෙනකු සුළු අසනීප තත්වයක් සිදුව ඇති අතර ඔවුන්ට ප්‍රතිකා කළ බව පාලනාධිකාරිය කියයි.
සිවු මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ කාමරයක මෙම ගින්න හට ගෙනඇත.
කොළඹ ගිනි නිවන හමුදාවේ ගිනි නිවන රථ හතරක් ගින්න පාලනයට යොදවා ඇතැයි ද පොලිසිය යුද හමුදාව එක්ව ඉතා කෙටි කාලයක් තුළ ගින්න පාලනය කර ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් එම කාමරයේ සිසුන්ගේ සියලු දෑ විනාශවී ඇති බව දැන ගන්නට ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න පාලනය කිරීමට ගිනිනිවන රථ කීපයක් යොදවා ඇතැයි පාලනාධිකාරිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd