කැලණි ගඟේ පූගොඩින් මතුවන රත්තරන් කැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය එන්.ජී. විජයානන්ද කියයි. එතෙක් ගඟෙන් රත්තරන් ඉවත් කිරීම තහනම් කැර ඇත. ශ්‍රී ලංකාවේ පසෙහි රන් ප්‍රතිශතයක් ඇති බවත් මීට පෙර කිරි ඉබ්බන්ආරෙන් මෙලෙස රත්තරන් මතු වී ඇති බවත් මැණික් පතල් වල ද යම් ප්‍රමාණයක රත්තරන් හමුවී ඇති බවත් ඔහු පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ අධ්යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවැසුයේ ශ්‍රී පාද අඩවියේ පසෙහි රත්තරන් ඇති බවට ජනප්රවාදයේ කතාවක් ඇති බවයි. කැලණි ගඟේ මඩ යට ඇති කළු වැලි ගරා ගත් විට අබ ඇට ප්‍රමාණයේ රත්තරන් සොයා ගන්නා බවත් මහා වැස්කින් රන් මුසු පස් පහළට ගලා යන්නට පෙර මෙම රන් ඉවත් කැර ගත යුතුව බවත් ඔහු පවසයි.
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැලණි රන් සොයන්න බලපතක් එයි
රජිත් මංජුල Friday, 25 May 2012 04:02 AM
බලපත්‍ර හම්බවෙන කට්ටිය අපිනම් දන්නවා....
නන්දසේන ගාල්ල Friday, 25 May 2012 07:24 AM
කොහොම හරි වතුරටික නාස්ති වෙයි රසදිය නිසා...
ෂෙරිෆ් Thursday, 24 May 2012 05:44 PM
කැළණිගග තහනම්වුණෙත් දුප්පත් අපිට...
ඩී. ජනන්දන Thursday, 24 May 2012 05:44 PM
සිරීපාද කන්දත් නැතිවන ලකුණුයි මේ...
ප්‍රසන්න Thursday, 24 May 2012 05:46 PM
හොද පියවරක්! අපරාදෙ නැත්නම් මේ අගනා සම්පත දියේම සැගවෙලා යය. කොහොමත් මීට වඩා සොයා බලා මේ පියවර ගත යුතුයි. නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. කැළණිගග සමනල කන්දටම හරවයි අපේ කට්ටිය....
සමන්ත Thursday, 24 May 2012 05:53 PM
චන්දවිමල හිමි 2012-05-24 16:41:47 ගගට හානි වේ නම් මේවා නතර කලාට ඇති වරදක් දකින්න බැහැ. නමුත් අල්පයක් හෝ රත්තරං ලැබෙනවානම් රටට නේද හොද?
රන් බණ්ඩා Thursday, 24 May 2012 05:55 PM
මොනවා උනත් තව ටික දවසකින් ගඟ නම් ඉවරෙටම ඉවරයි. පරිසරයට ආදරයක් නැති අය කතරගම ට කරපු දේම මේකටත් කරනවා. අන්තිමට විනාස වෙන්නේ අපේ මේ ලස්සන රට
කරෝලිස් Thursday, 24 May 2012 05:54 PM
අනේ මං දන්නෑ ගොයියෝ මේව කෙහෙන් නතර වෙයිද කියලා
නෙල්සන් Thursday, 24 May 2012 06:06 PM
ඇයි මිනිසුන් රන්ඩුකරගන්නවද.නැතනම් ගානක් කඩා ගන්නද.
අමිල Thursday, 24 May 2012 06:29 PM
ඒකත් සල්ලි කාරයින්ට.පවු අහිංසක මිනිස්සු
එච් එච් එස් ප්‍රියන්ත Thursday, 24 May 2012 06:31 PM
වැලි බලපත්‍රයත් අහෝසියි නේද? වැලිත් ගරයි
වසන්ත රත්නායක Thursday, 24 May 2012 06:36 PM
ඕකේ වැරැද්ද පත්තර වාර්තාකරුවන්ගේ. පත්තරේ දාන්නේ නැතිව හිටියානම් කවුරුත් දන්නේ නෑ. ඒ අහිංසක මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න තිබුණා.
අලිබබා Thursday, 24 May 2012 06:37 PM
මම හිතුව අර ගෑනු ලමිස්සියෝ ගගේ බැහැල හිටපු විදිහට ඔහොම වෙයි කියල.
කීර්ති-Dubai Thursday, 24 May 2012 06:46 PM
කතරගමට වුනු දේම කැලනි ගගටත් වෙනවා කියලා ඕනම පොඩි ළමෙක්ට තේරෙනවා.දුප්පත් මිනිස්සු පෝසත් වෙනවා නම් අපි හදවතින්ම පෝසත් වෙන්න ඕනි
චරිත් Friday, 25 May 2012 10:07 AM
මෝඩ මිනිස්සු. රත්තරන් හම්බුනනම් සද්දේ වහලා ගරාගන්නේ නෑතිව අඩබෙර ගහලා කරගත්ත නිකන්. මෝඩ කමට බෙහෙත් නෑ කියන්නේ ඕකට තමයි....දෑන් හම්බෙයි රත්තරන්.............
ජගත් Thursday, 24 May 2012 06:57 PM
ඩිරෙක්ට මහත්තයාත් කීයක් හරි හොයා ගන්නද කොහේද හදන්නේ
ආනන්ද (මාලෙ) Thursday, 24 May 2012 07:16 PM
අනේ කැලණි ගඟ නමි වෙන්දේසි කරන්න ඵපා
පිස්සා Friday, 25 May 2012 05:43 PM
මේක තමයි ලංකාව හැමදාම නොදියුනු රටක් විදියට තියෙන්නේ. රත්තරන් ටික ගන්න විදියට අමතරව මෙතනට රත්රන් ආපු තැන ගැන හොයාගත්ත නම් කර්මාන්තයක් විදියට රත්තරන් ගන්න තිබුන.
පුරා Friday, 25 May 2012 05:49 PM
අනේ මෙහෙම ලංකාවක්
කුමාර Thursday, 24 May 2012 07:54 PM
දුප්පත් මිනිස්සුන්ට හොයා ගන්න දුන්න නම් ඉවරනේ.අර කතරගම මැණික් ඉඩම් ටිකට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ ඕකටත්
ධම්මික Thursday, 24 May 2012 08:40 PM
මළසේක! හදිස්සියකට පස්ස හෝද ගන්න වත් ලයිසොන් ගන්න වෙයිද දන්නේ නෑ
රම්සි Thursday, 24 May 2012 08:42 PM
මේ මේ කට වරද්ද ගන්න නම් එපා.ඕවා ආරච්චියගෙයි, ලාෆින් බුද්ධගෙයි වැඩ
ධම්මික Thursday, 24 May 2012 08:45 PM
මෙදාපාර කිඹුල්ලු ඉන්නේ ගොඩ
දළු බණ්ඩා Thursday, 24 May 2012 09:16 PM
ශ්‍රීපාද පැත්තත් විනාශ කරන්නද දන්නේ නෑ හදන්නේ.
බන්ටි Thursday, 24 May 2012 09:28 PM
බලපත්රයක්නම් දෙන එක හොදයිත හැබැයි ගමේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට මුලින්ම දිය යුතුයි.
ගාමිණි Saturday, 26 May 2012 08:40 AM
ලංකාවේ රත්තරං තියෙනවා නම් පතල් කාර්යංශය මොනවද කරන්නේ?
සෝමසිරි Thursday, 24 May 2012 10:50 PM
හා හා හා ආරච්චිල ඉස්සරහා....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 May 2012 11:02 PM
අපේ රටේ මිනිස්සුන්ගෙයි පාලකයොන්ගෙයි ඔලුව හොඳ නැති වේගන වත් එනවද හැමදාම මේ වගේ පුවත් පලවෙන්නේ හැබෑටම.නිදන් හාරනවා. මැණික් හොයනවා.දැන් රත්තරන් හොයන්නත් පටන් අරගෙන.. ඇයි මෙහෙම දෙයියන්ගේ හාල් කැවිලා වගේ වැඩ කරන්නේ අවිචාර පූර්වකව. මේ මිනිස්සුන්ගේ මොළය අර කොහේදෝ තැනකටවත් විතැන් වෙලාද?
සකලබුජන් Thursday, 24 May 2012 11:08 PM
මේක චීන පිළිම වල හාස්කමක්ද මචන්.
Thenuka lakshan Saturday, 15 January 2022 08:58 PM
දෙන එක හොඳයි. හැබැයි රත්තරං ටික විතරයිනේ ඉවතට යන්නේ.. තිබ්බත් ඕවෑ නිකම්ම තියන එකේ දෙන්න තියෙන්නේ... !