කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු පිරික්සීම සඳහා පත් කළ ඒක පුද්ගල කොමිසමේ කටයුතු මාර්තු 27 වැනිදා තෙක් තහනම් කිරීමේ අතුරු නියෝගයක් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්ම සූරසේන මහතා අද (1) නිකුත් කළේය.
මේ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩඩ්ලි කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් කොමිසමේ සියලු කටයුතු අත්හිටැවෙයි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් මේ කොමිසම පත් කැරිණි.
කොමිසම නීති විරෝධී බවත් දුෂ්ඨ චේතනාවෙන් පත් කර ඇති බවත් ප්‍රාදේශීය සභාව විසිරවීම එහි අරමුණ බවත් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේ පෙත්සම ගොනු කළහ.
මාර්තු 27 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස මහඇමැතිට, කොමසාරිස්ට හා කැලණිය ප්‍රාදේශීය සභා ලේකම්ට නොතීසි ද නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලණි ප්‍රා සභා කොමිසමට වාරණයක්
සිල්වා Friday, 01 March 2013 09:18 PM
කැලණිය....කැලණිය.... දැන් හැරියට් මාතෘකා වෙනවා කැලණිය....(දී)
දිසානායක Saturday, 02 March 2013 02:49 PM
යුද්දේ නවත්තලා නැහැ වගේ.(නදී)
පෙරේරා Saturday, 02 March 2013 03:08 PM
යුව රජු තවම ඒ පැත්තේ හොල්මන් කරනවා.(නදී)
ලලිත් Friday, 01 March 2013 07:19 PM
තනිකරම දේශපාලන පලිගැනීමක් (ස)
සරත් Friday, 01 March 2013 08:05 PM
යුවරජුත් නැහැනේ දැන් (දී)