IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැලණි ඇදුරුවරු 'ගින්නක්' නිවති

කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් පසු එම සිසුන් දෙදෙනාට හිතවත් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවය විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු හා පොලිසිය මැදිහත්වීමෙන් දුර දිග යෑම වැළැක්වූ බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අනුර කරුණාරත්න මහතා පැවසීය.

 



අදහස් (0)

කැලණි ඇදුරුවරු 'ගින්නක්' නිවති

නුවන් සමරකෝන් කටාර් Thursday, 06 June 2013 05:50 PM

වෙලාවකට පෙළපාලි යනවා සල්ලි වලට උපාධි දෙන්න එපා කියලා. තව වෙලාවකට පෙළපාලි යනවා ආචාර්යවරු හොඳ නැහැ කියලා. තවත් වෙලාවකට පෙළපාලි යනවා පහසුකම් මදි කියලා. ඒත් නැත්නම් වෙන මොන එහෙකට හරි පන්ති වර්ජනය කරනවා. මොනවා මොනවා හරි කරලා අධ්‍යාපනයේ තියන ගුණාත්මක භාවය කෙලෙසා ගන්නවා. ඊටත් අමතරව අලුතින් ආපු ළමයින්ට නවක වදය දීලා නින්දිත තෘප්තියක් ලබන්න හදනවා. අද කතා කරන එක නෙමෙයි හෙට කතා කරන්නේ. සිසුන් කාලේ කියපුවා කරපුවා දොස්තර කෙනෙක් වුනාට පස්සේ මතක නැහැ. ඉංජිනේරු සිසුන් කාලේ කියපුව ඉන්ජිනියර් කෙනෙක් වෙලා ජොබ් එකක් ලැබුනට පස්සේ මතක නැහැ. අනේ මේ සෙල්ලම් කරන්නේ අහිංසක දෙමවුපින්ගේ අහිංසක බලාපොරොත්තුත් එක්ක නේද? කවදා මොලේ පෑදෙයිද මන්දා. (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 04:43 AM

ආරාවුල සන්සිදවීමෙන් ඔය ගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගැහුවා කියලා, ආචාර්යවරුන්ට එරෙහිව පන්ති වර්ජනයක් පටන්ගන්න ළමයිනේ දැන්. (නි)

:       0       0

පෙරේරා(නවසිලන්තේ) Friday, 07 June 2013 06:22 AM

සාමන්‍යයෙන් ගහගන්නේ මොලේ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳගන්න බැරි අය. හැබැයි ඉතින් මේ ගහගෙන තියෙන්නේ මේ රටේ හොඳම මොළ වලින් සමහරක් ලු. (නි)

:       0       0

සංජීව Friday, 07 June 2013 07:40 AM

රන්ජිත් , පහේ ශිෂ්‍යත්වය ෆේල් වෙලා දහම් පාසල් ගිය අය කරන්නේ මීට වැඩිය අන්ත වැඩ. අඩුපාඩුව තියෙන්නේ අධ්‍යාපනයේ නෙමේ. විනය පාලනය සහ හික්මීම නැතිකමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල (නි)

:       0       0

සත්‍යය දන්නෙක් Friday, 07 June 2013 08:55 AM

කැලණිය විද්‍යා පීඨයේ හා රුහුණු විද්‍යා පීඨයේ රැග් නැත. කැට එකතු කිරීම් නැත. "ආචාර්යවරුන්ට එරෙහිව පන්ති වර්ජන" නැත. අන්තරේ නැත. ඉඳහිට පොඩි වලියක් ගියත් සිසු සිසුවියන් නිදහසේ ඉගෙනගෙන නියම කලට උපාධියත් රැගෙන සමාජයට මුසු වෙති. දන්නෝ පමනක් දනිති. මොවුන් විඳින නිදහස දකින අනෙක් විශ්ව විද්‍යාල වල දේශපාලන හෙන්චයියන්ට මෙය රුස්සන්නේ නැත. කෙසේ හෝ මෙම පීඨ දෙකත් අවුල් කිරීමට උත්සහ දරති. ඔය කියල වලියේ සුලුමුලත් එයයි....! (නි)

:       0       0

නිල් Thursday, 06 June 2013 08:25 PM

පාරේ නිතර දකින බලු පොර වගේ. ඒත් උන්නම් පොරකන්නේ වර්ගයා බෝකරන්න. මේ ගොල්ලෝ (අ)

:       0       0

රංජිත් Thursday, 06 June 2013 08:40 PM

පහේ ශිෂ්‍යත්වය වගේ වැඩ සහ දහම් පාසල් නොයන පරම්පාව ඔයවගේ වැඩ තමා කරන්නේ. දැන්වත් බලදාරින් ඇස අරිනවා නම් හොඳයි (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 09:29 AM

මොලේ පාවිච්චි කරන්නේ නැති නිසා තමයි මේ ගහගන්නේ. මේ අය කොහොමද කැම්පස් ආවේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර විට කටපාඩම් කරලා වෙන්න පුළුවන්. මොලේ නිසා ආවා නම් මේ දේවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොමහරි උපාධිය අවසන් කරලා රැකියාවක් කරන්න තමයි බලන්නේ. මේ අයගේ දෙමව්පියන් ගැනත් මදක් හිතන්න වෙනවා! (නි)

:       0       0

චන්දි Friday, 07 June 2013 10:08 AM

අනේ මේ,විශ්ව විද්‍යාල වල ළමයින්ට නම් මොකක්දෝ මොලේ අමාරුවක් තියෙනවා. හැමදාම මොකක් හරිම වලියක්. දෙමව්පියෝ දුක් මහන්සි වෙලා මෙයාලට උගන්වනවා. අහිංසක දෙමාපියන් ගැන හිතලවත් ඉගෙනගන්න බැරි හැටි? රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි නේද මේ (නි)

:       0       0

හේරත් Thursday, 06 June 2013 09:47 PM

අරමුණ ඉගෙනුම විනා මහමග ගුටි ඇන ගැනීම නොවෙයි මහතුනි. ඇල්මෙන් අකුරු කරවවු ඉදිරි වැඩ තකා. (නි)

:       0       0

චන්ද්‍රලාල් Thursday, 06 June 2013 10:00 PM

නුවන්, ඔබ නියම දුරදක්නා නුවණකින් ලියපු අදහසක්. හරිම කලාතුරකින් මෙහෙම අදහස් ලියන්නේ. අපිත් උපාධිදාරීන්. එදා පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව සටන් කරපු අය අද ඒවා ගන්න හදනවා. නමුත් ඇතුලේ ඉන්නකොට ඒකේ අගය තේරුනේ නැහැ . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site