IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැලණිය ප්‍රා සභාව කමිටුව ඉදිරියට

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිවිටකත් බිය නොවන බවත් නියම වරදකරුවන්ට දඩුවම් ලැබෙනු ඇති බව  තමන් අපේක්ෂා කරන බවත්   කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති.

කිරිබත්ගොඩ පොළ බදු දීම , හුණුපිටිය ජයන්ති මහල් කඩ කාමර 16 ක් බදු දීම ඇතුළු පරිපාලනමය චෝදනා හතරක් සම්භන්ධව චෝදනා එල්ලවී ඇති අතර බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ ගැන සෙවීමට   කමිටුවක් පත් කර ඇත.  පරීක්ෂණය සඳහා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 22 වන දින උදෑසන 9.30 ට සාවස්ති මන්දිරයට කැඳවනු ලැබ සිටිති.

ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා මෙසේ කියයි.

‘අපි විසි දෙවෙනිදට සභාවට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත්  එල්ල වී තියෙන චෝදනා පත්‍රය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට. අපි ඒ ස්වාධින කමිටුවට අපේ නිර්දෝෂිභාවය පෙන්වා කරුණු ඉදිරිපත් කරනවා ලිඛිත සාක්ෂි වලින් .  පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සාමුහිකව ගත්නා තීන්දු සම්බන්ධයෙන් මේ කොමිසම පත්කර  තියෙන්නේ.‘

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් මහතා මෙසේ අදහස් දැක්විය.

 ‘තල නම් වේලෙන්නේ තෙලට මී බෙටි වේලෙන්නේ මොකටද කියන එක තමා අහන්න තියෙන්නේ.‘



අදහස් (0)

කැලණිය ප්‍රා සභාව කමිටුව ඉදිරියට

ජගත් Thursday, 21 February 2013 12:15 AM

කවදාවත් කිසිම කෙනෙක්ව ඕනෑවට වැඩිය විශෟවාස කරන්න එපා. (නි)

:       0       0

සුනිල්-මෙල්බර්න් Thursday, 21 February 2013 02:36 AM

කෝ ලොකු මහත්තයට පරිකෂන? පොඩි මිනිහට තමයි හැමදේම වෙන්නේ.(නදී)

:       0       0

ලලිත්-දෝහා Wednesday, 20 February 2013 06:02 PM

හරි, හරි අවසන් තීරණය මොකක්ද කියලා බලමුකෝ.(නදී)

:       0       0

ඩයස් Thursday, 21 February 2013 04:04 AM

ඕක ලංකාවේ සිදුවීමක් උනත් අද මාධ්‍ය දියුනුයි. අපි ලෝකය පුරාම බලා සිටිනවා. මොකද වෙන්නේ කියලා. සමහර ප්‍රධාන පුවත් පත් වලින් පාඨක අදහස් වලට මුල් තැනක් දෙන්නේ නැහැ. ඒ ගැන බලවත් කනගාටුව.(නදී)

:       0       0

සුනිල් Thursday, 21 February 2013 06:09 AM

එක්කෙනක් මුලු කැළණියම නරකාදියට දැම්මා. මෙයාලට අයිති කුනු ටිකයි, පාරවල් ටිකයි බලන්න. ඒකවත් කරගන්න බැහැ.(නදී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 06:11 AM

ඔව කඩකාමර ප්‍රශ්ණය අවුරුදු ගානත ඉදලා මාධ්‍ය වල කතාකලා. ඇහැ අරුනේ දැන්ද. ප්‍රාදේශීය සභා වල වෙන හොරකම් ගැන හොයන්නේ නැත්තේ ඇයි?(නදී)

:       0       0

තිලක් Wednesday, 20 February 2013 09:46 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රානි Thursday, 21 February 2013 10:44 AM

හොදයි....හොදයි.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site