IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි

මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත් කිරීමට බොලිවුඞ් සුපිරි නළු නිළියන් සහ සංගීතඥයන් සහභාගි වීමට නියමිතය. තරගාවලියේ පළමු අදියරේ දෙවැනි දිනය වන මේ මස 27 වැනිදා පස්වරුවේ ඉන්දීය සුපිරි නිළි ප‍්‍රීති සින්ටා සහ සුපිරි නළු විවේක් ඔබ්රෝයි මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අදියරේදී ජූනි මස 3 වැනිදා ඉන්දීය සුපිරි නිළියන් වන විපාෂා බාසූ සහ සමීර් රෙඞ්ඩි පැමිණීමට නියමිතය. එහිදී පැය 2 ක සංගීත ප‍්‍රසංගයක් පැවැත්වේ.  



අදහස් (0)

කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි

ජයසිංහ Tuesday, 22 May 2012 10:37 PM

දේශීය තාවය ගැන කතාකරාට විදේශීයන්ටමයි.....

:       0       0

ෂෙරීෆ් Tuesday, 22 May 2012 11:31 PM

අනේ ඉන්දියන් නඵ නිළායෝ ආවට කමක් නෑ ඔය සුපිරිබව නොපෙන්නා හිටියොත් තමයි හොඳ.

:       0       0

මහේෂ් Wednesday, 23 May 2012 03:21 PM

එහෙනම් මිනිස්සු එන්නේ රගර් බලන්න නෙමෙයි.........

:       0       0

මන්ජු Thursday, 24 May 2012 05:16 PM

කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියේ සමාරම්භක උළෙල‍ට හා අවසන් දිනය වන ජුනි 3 දා දේශීය හා ඉන්දීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය. ඒ සදහා පැමිණිම‍ට නියමිත ඉන්දීය සිනමාවේ සරාගී නිලියන් තිදෙනා වෙනුවෙන් සහ සිනමා නළු විවේක් ඔබරෝයිට සදහා රුපියල් මිලියන 60 ගොවිමට සැලසුම් කර ඇති බව වාර්තාවේ. මොවුන් සදහා පළමු පංතියේ ගුවන් ගමන් පහසුකම්, තරු පහේ හෝටල් පහසුකම් හා අනෙකුත් සියලුම පහසුකම් නොමිලයේම ලබා දීමටද තරග සංවිධායකයින් විසින් තීරණය කර ඇත. මහනුවර පැවැත්වෙන පළමු අදියරේ තරගාවලියේ දී විවේක් ඔබරෝයි සහ පී‍්‍රති සින්ටා විශේෂ ආරාධිතයන් ලෙස ද සහභාගි වෙති .‍මෙරට ‍රැදී සිටින පැය කිහිපය වෙනුවෙන් ප්‍රිටී සින්ටාගේ හා බිපාෂා බාසු ගේ ගාස්තුව වශයෙන් මිලියන 15 ක් බවද වාර්තාවේ.තවද නව පරපුරේ දකුනු ඉන්දීය අතිශය සරාගී නිළියක වන සමීර රෙඩ්ඩිටද අතිශය සැප පහසුකම් ලබා දිමට ද තිරණය කර තිබේ. තවද විවේක් ඔබොරෝයි මෙම ප්‍රසංගයට නොමිලේ සභාගිවුවත් , ඔහුටත් නිලියන්ට හිමි පහසුකම් මෙන්ම තවත් සැප පහසුකම් ප්‍රමාණයක්ද හිමිය. විවෙක් ලංකාවට එන්නේ උතුරු පලාතේ ඔහු ආරම්බ කර තිබෙන නිවාස ඉදිකිරීම් ව්‍යපාරයේ ප්‍රගතිය සොය බලන්නටය. මෙම සියලු වියදම් සදහා බර පැණ සපයන්නේ රාජ්‍ය අනුබද්ධිත සමාගම් විසිනි....................?????????????????

:       0       0

අශාන් Thursday, 24 May 2012 11:27 AM

කොළඹ කොල්ලෝ ටික නිසා මෙහෙමවත් බේරිලා තියෙනවා

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:24 PM

මේ ඔයාලා bed rugger ගැන අහලා තියෙනවද?

:       0       0

උපුල් Tuesday, 22 May 2012 12:43 PM

දැන් ක්‍රීඩාවත් marketing එකක් වෙලා.මෙවැනි ආදර්ශ අනාගත පරපුරට එච්චර හොද නෑ

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:25 PM

කාල්ටන් ඒවට පායන්නේ ඔහොම ඒවා තමයි

:       0       0

ප්‍රසන්ත ධම්මික Monday, 21 May 2012 09:01 PM

රගර් ගහයිද වෙන මොනව හරි ගහයිද ?

:       0       0

ප්‍රසන්ත ධම්මික Monday, 21 May 2012 09:11 PM

අපේ මල්ලිලට බෝලේ හරියට පෙනෙයිද දන්නෑ...

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:26 PM

මල්ලිලා, ගෝල් ගැනිල්ල කෙසේ වෙතත් බෝල් පරිස්සම් කර ගන්න

:       0       0

අරවින්ද Thursday, 24 May 2012 01:22 PM

අනේ මන්ද....

:       0       0

ප්‍රනෑන්දු Tuesday, 22 May 2012 01:55 AM

අනේ මෙහෙමත් නාඩගම්.ක්‍රීඩාව ඒ විදියට කළොත් හොදයි.නැත්නම් අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු විගඩමක් තමයි

:       0       0

හික්ස් Tuesday, 22 May 2012 03:30 PM

සෝනු නිගම් ආපු වෙලේ නම් කට්ටිය හොද හුවක් කැවා

:       0       0

ජන්තු Tuesday, 22 May 2012 03:40 PM

මරු අයියෝ

:       0       0

ධම්මික Tuesday, 22 May 2012 06:12 AM

එහෙට නම් තරු පායයි.ඔය නාඩගම් අස්සේ බඩුමිළ ඉහළ නැග්ගම අපිට තරු පෙනෙයි

:       0       0

කසුන් Tuesday, 22 May 2012 07:52 AM

අනේ අපේ නළු නිළියෝ ටික දැන් වයසට ගිහිල්ලද?

:       0       0

දිනේෂ් Tuesday, 22 May 2012 04:24 PM

මේ මොහිනීලා ගෙනවට වඩා හොඳ නැද්ද අපේ අමරදේව, වික්ටර්, නන්දාමලනී, වගේඅයට තැනක් දුන්නනම්

:       0       0

නලුබට්ටා Tuesday, 22 May 2012 04:29 PM

ප්‍රීති සින්තල එනකොට ලංකාවෙ නිළියො කළේ....

:       0       0

ලව් Tuesday, 22 May 2012 08:10 AM

මේ නඵ නිළියෝ සංගීතඥයෝ මේව බලන්නේ නොමිලේද?

:       0       0

වසන්ත Wednesday, 23 May 2012 01:08 PM

නුවර කොල්ලෝ නැත්නම් අදටත් රගර් නෑ ලංකාවේ.දැන් තියෙන්නේ දේශපාලන ක්‍රීඩාවක්

:       0       0

කාලිංග Tuesday, 22 May 2012 05:24 PM

ලංකාවෙ මිනිස්සුන්ට මේදවස්වල තරු පෙනිල ඉන්නෙ,අඩුවකට තියෙන්නේ ඉන්දියන් තරු විතරයි.......

:       0       0

මාරයා Wednesday, 23 May 2012 01:36 PM

ඔය ඉන්නේ ෂෝක් හරක් ටිකක්

:       0       0

චානි Thursday, 24 May 2012 03:34 PM

කට්ටියට මේ දිනවල ප්‍රිටි සින්ටා හමුවන තුරු නින්ද යන්නේ නැතුලු !!!

:       0       0

ශානිකා Thursday, 24 May 2012 04:12 PM

මේවනම් බොරැ වැඩ. ඕවට වියදම් කරන්නේ අපේ දුක් විදින ජනතාවගෙ සල්ලි. අපේ කලාකාරයො ගෙන්නුවනම් ඉවරයි. ඉනිදියාවෙ තරගවලට අපේ අය ගෙන්නනව කියලයැ.

:       0       0

ඉසුරු Tuesday, 22 May 2012 10:35 AM

නෑ.ට්කට් ගන්න වෙනවා

:       0       0

රම්සි Tuesday, 22 May 2012 09:19 PM

ගෝල් එක ලොකු වැඩියිද මන්දා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site