IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට  අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය  එලෙස තීරනය කලේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ අද (16) සලකා බැලිණ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් ඉකුත් (12) වැනි දා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.

ලබන 2023 මාර්තු 3 වැනිදා තෙක් තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය හැකි ලෙසට වලංගු වීසා අනුමත කර ඇති බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා තමන් මෙරටින් පිටුවහල් කිරීම සඳහා තීරණය කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබිනි.



අදහස් (12)

කෙලිගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

de silva Tuesday, 16 August 2022 02:28 PM

රනිල් නම් කිව්වේ විදේශිකයන්ට මෙහේ එන්න අවිත් උද්ඝෝෂණ කරන්න කියලා

:       14       26

-අරගල උපාධිය-Tuesday, 16 August 2022 03:33 PM

" සංචාරකයින්ට කැමති නම් ඇවිල්ලා අරගලයටත් සහභාගිවෙලා අත්දැකීම් ගන්න පුලුවන් "කියලා රනිල් කිව්ව නිසා අරගල විශ්ව විද්‍යාලයේ අරගල උපාධිය හදාරන්න ලංකාවට ආවා. ඉතින් කෙලී ප්‍රායෝගිකව පෙළපාලි අරගලයේ අත් දැකීම් ලබා ගත්තා. ඒත් පාඨමාලාව ඉවර නැහැනේ. පීඨාධිපති අනුර කුමාර කෙලී යවනවට තදින්ම විරුද්ධයිලු..!

:       7       17

sharm warn Tuesday, 16 August 2022 02:34 PM

ඇයි ඉතින් රනිල්මනේ කිව්වේ විදේශීය මාධ්‍යවේදියෙක්ට ‘ සංචාරකයෛන්ට කැමති නම් ඇවිල්ලා අරගලයටත් සහභාගිවෙලා අත්දැකීම් ගන්න පුලුවන් කියලා. දැන් මොනවද මේ කියන්නේ? මේ හොන් වැඩෙන් වෙන්නේ සංචාරකයෝ එන එක තව තවත් අඩුවෙන එකයි

:       17       30

යෝගා Tuesday, 16 August 2022 03:03 PM

පැරදුන එක අහන්නත් දෙයක්ද නාගානන්දනේ නඩුවට පෙනී හිටියේ. ඇරත් සුද්දි දැනගන්න ඕන අනුන්ගේ රටකට ගියාම ගිය වැඩේ විතරක් කරලා ආපහු යන්න. වෙන රටක නම් හිරේ දාලා.

:       23       29

Surain Tuesday, 16 August 2022 03:12 PM

හරි අපුරු සාධාරණයක්නේ ලැබිලා තියෙන්නේ ජාත්‍යන්තර අධිකරණයකින් හෝ මෙවැනි දේවල් වලට පිහිට වෙන්න ඕනේ. එක හරි උදව් කරන්න පිටරටවල ඉන්න ලාංකිකයන් දන්නවා හැම රටකම තියෙනවා ආයාචනා ඉදිරිපත් කරන්න ඒවට ගොඩක්වෙලාවට සාධාරණය ලැබෙනවා

:       22       21

සුදු ඇදගෙන කලු ඇවිදින් Tuesday, 16 August 2022 03:32 PM

හැම සෙට් එකකම ඉන්නවා හැම බලු බෙට්ටකටම අතදාන නාගා වගෙ පොරක්.

:       14       19

විපරමා Tuesday, 16 August 2022 04:46 PM

එන්ගලන්තේ දක්ෂ, උගත් නීතීවේදියෙක් වෙච්චි ඔහු ලන්කාවට ඇවිත් ජනතා පරමාදිත්වය සහ නීතියේ ආදිපත්‍යය වෙනුවෙන් පෙනි සිටියා. රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ වෙලා අදිකරණය දේශපාලණීකරණය වෙලා තිබුනු හැටි ලෝකෙම දන්නවා .

:       10       20

Kkue Tuesday, 16 August 2022 04:45 PM

නාගා අත දැම්මොත් පරාදයි.

:       8       11

ravin Tuesday, 16 August 2022 04:56 PM

නාගානන්දගේ නීතියේ දැනුම බොහොම මදි වගේ. ලෝකේ ඕනෙම කෙනෙක් පිටරටකට යනවිටදී වීසා සමඟ යම් යම් නීතී රීතී ඇතුලත් කරණවා. එම නීතී කඩකලොත් වීසා අවලන්ගුයි. ආයේ නෝ කතා නෝ සිනා. සමාජ මාධ්‍ය තුල නොයෙකුත් චෝදනා, යෝජනා හා අදහස් මේ පිටරැටියා කෙරෙහි තිබුනත්. අවසාන තීරණය ආගමන විගමන පාලකයා සතුයි. අනික මේ නාගානන්ද නේද ජනපති තරඟයට ඉදිරිපත් වෙනවා කියලා කොඩිය වනලා පස්ස ගැහුවේ.

:       9       20

lankasri Tuesday, 16 August 2022 05:47 PM

නාගානන්ද දන්නවා එයා මොනාද කරන්නෙ කියලා එයා නීතීග්නයෙක්. අපෙ රටෙ නීතිය දැන් වල් වැදිලා රට බල්ලට ගිහින් තියෙන්නේ. මෙ වැඩි හරියක් කමෙන්ට්ස් දාන අයගෙන්ම ඒක පෙනවා. නැත්නම් ඔච්චර මහජන සේවයක් කරන මහත්මෙයෙකුට මඩ ගහයිද?

:       0       0

Saththaya Tuesday, 16 August 2022 10:06 PM

නීතිඥයන් හැටියට මානසික ලෙඩ්ඩුත් ඉන්නවා මම හිතන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site