IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාලගුණ හානිවලට වන්දි ගෙවන්න සල්ලි මදිලු

කාලගුණය වෙනස්වීමේ බලපෑම් නිසා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන මූල්‍යමය හානියට වන්දි ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව මේ බව ප්‍රකාශ කොට ඇත.

මිහිතලය උණුසුම්වීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජලගැලීම්, නායයෑම් ඇතුළු ස්වභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරුවීමට සිදුවීම  නිසා ඊට  හේතු වශයෙන් මෙම වන්දි ඉල්ලා සිටීමට කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ 2007 වසරේ සිට 2011 වසර දක්වා එවැනි ස්වභාවික විපත් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 130 ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 18315) බවයි.

එම මුදල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකාව පසුගිය සතියේ එම සංවිධානය වෙත ඉදිරිපත් කෙරුණු පිටු හතකින් යුත් වාර්තාවේ  දැක්වේ. ජාතික සැලසුම් සහ සංවර්ධනය උදෙසා කාලගුණ වෙනසේ හානිය නිරවුල් කරගැනීම ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ තේමාවයි.

ලෝකයේ රටවල් 195 ක සහභාගීත්වයෙන් ලබන දෙසැම්බරයේ පැරිස් නුවරදී මිහිතලය උණුසුම්වීමට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් සකස් කිරීම සිදුකරන අතර ඊට අදාළව ශ්‍රී ලංකාව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
 

 



අදහස් (0)

කාලගුණ හානිවලට වන්දි ගෙවන්න සල්ලි මදිලු

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 03:25 AM

මිහිතලයේ උණුසුම වැඩිවනුයේ දියුණු සංවර්ධිත රාජ්‍යයන් කරන ඉවක් බවක් නැති කටයුතු නිසා මිස දියුණුවෙමින් පවතින රටවල ක්‍රියාකාරකම් නිසාම නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site