
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
පස්වරු 4.00 ට නිකුත් කරන ලද අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තද වර්ෂාපතනයක් ඇති විය හැක.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවල, පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Chinthaka Saturday, 31 May 2025 06:03 AM
ජූනි මාසයේ හත්වෙනිදා පමණ වනතුරු ඔය තත්වය තියේවි. කවුරු කවුරුවත්ම විමසිල්ලෙන් හා කල්පනාකාරීව ප්‍රවේශමෙන් සිටීයොත් හොඳයි...