
(ඩයනා උදයංගනී)
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි හෙට (18) සිට මෙම මස 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් කරා යාත්‍රා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර, එය අනිද්දා (19) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද එහි සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්