සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
“අද කලාකරුවන් කොටස් දෙකකට බෙදී අවසන්. සමහර කලාකරුවන් වරප්‍රසාද අරමුණු කරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටිමින් ජනතාව රවටනවා. රාජපක්‍ෂ පාලනය ටෙලි නාට්‍යයක් විකාශය කිරීමේ අවස්ථාව අහිමි කළා. ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා රුපියල් 50,000 ක් ලබාදිය යුතුයි.
කලාසංසදය මගින් මේ පිළිබද ජනාධිපතිවරයාට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කලත් ඒ පිළිබද සලකා බැලීමට ඔහු කටයුතු කළේ නෑ. මේ නිසා සමහර නිෂ්පාදකවරුන්ට තම ටෙලිනාට්‍ය විකාශය කරගැනීමට සදහා ඇතැම් ඇමතිවරුන්ටත් කොමිස් වෙන් කරීමට සිදු වෙලා. කලා ක්ෂෙත්‍රයේ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැහැ. ‘
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘කලාකරුවන්ට ගිය කලක්‘
ශිරෝමි- පිළියන්දල Monday, 05 January 2015 07:04 AM
මෙයාට රඟපෑමත් බෑ දේශපාලනයත් බෑ. දන්නේ අනුන්නට මඩ ගහන්නයි .(හේ)
ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 04 January 2015 05:52 PM
එතකොට ඔබතුමා මොකද්ද ඔය කරන්නේ? අනේ! යන්න නිකන් අපිව රවට්ටන්නේ නැතුව (නි)
මහේෂිකා Sunday, 04 January 2015 07:49 PM
සමහරුන්ට නම් හැඳිමිටක තරම්වත් දුරට හිතන්න බැහැ. මෛත්‍රී ට නළු නිළි සහයක් ඇත්තෙම නැද්ද? (නි)
අමා Sunday, 04 January 2015 08:18 PM
ඒ වුණාට කාන්තා පක්ෂයේ කෙනෙක් මේ වෙනුවෙන් හරිම කැත වැඩක් කළා. අපි ඒක මාධ්‍ය මඟින් දැක්කා. ඩොලර් වලට එහෙම කරන්න එපා (නි)
කසුන් Sunday, 04 January 2015 09:08 AM
රංජන් කියන්නෙත් ටිකක් දක්ෂයෙක් තමයි. ඒ උනාට ආන්ඩුව ඔක්කොම හොඳ කලාකරුවන්ට සපෝට් කරනවා. ඒකට ඉරිසියාවෙ ඉන්න බැරුව කියන කතානෙ ඕවා. දැන් ඔය කලාකාරුවොම මෙයිත්‍රීට සපෝට් කලා නම් රන්ජන් එ් ගොල්ලන්ගෙ හොඳ කියයි. (නදී)
ඉසුරන්දි Sunday, 04 January 2015 09:19 AM
මෙවැනි හේතුන් නිසා තමයි අද කලාකරුවෝ හැල්ලුවට ලක්වෙලා තියෙන්නේ. කලා කරුවා දේශපාලන ඉත්තෙක් නොවිය යුත්තේ කිව්වේ මේ නිසයි. (ර)
සන්වන්නි Sunday, 04 January 2015 10:16 AM
කලාකරුවන් කියන්නේ අතපය විසිකරන්න පුළුවන් අය නොවෙයි. ජනතාවගේ හදවතට ස්වර හා මෘදු භාෂාවන් හරහා ඇමතිය හැකි සුන්දර මිනිසුන්. තවත් කෙනෙකුගේ මෙහෙයවීමෙන් අතපය විසිකර ජනප්‍රිය වන නළුවන් නොව සිය රංගන විලාශයෙන් නිහඬව හදවත් ඇමතිය හැකි සුන්දර මිනිසුන් තමා නියම කලාකරුවන්. (ර)
ලසන්ත Sunday, 04 January 2015 10:58 AM
කලකරුවො හරි..මේ කලාකරුවො තමන්ගෙ දක්ෂතා වලින් ඉදිරියට යන අය..ඒ ගොල්ලන්ට කඩේ යන්න ඕන වෙන්නෙ නැ..මහින්දගෙ වැරදි තිබුණත් මේ වෙලාවේ මහින්ද දිනන්න ඕන සහ නැත්තන් රට ආපහු අගාධයට යන බව දැන් ගොඩක් අයට හිතිල තියෙනවා (දිල්)
උක්කුන් පුතා Sunday, 04 January 2015 11:20 AM
මෙතුමාට දේශපාලනය කරන්න හොඳා අනිත් කලා කරුවාට හොඳ නැහැ. එ්කාධිපති අදහස්. (නදී)
නිමල් ජයසිංහ Monday, 05 January 2015 02:29 AM
කලාකාරයෝ කියන්නේ බොරු කාරයෝ කියලත් සමහරු කියනවා. (නදී)
නිමල් ජයසිංහ Monday, 05 January 2015 02:31 AM
කලාකාරයෝ කියන්නේ බොරුවෙන් ජීවත්වෙන කට්ටියක් ද ? (නදී)
මාලි Monday, 05 January 2015 03:36 AM
මම නම් හිතන්නෙ මේ ගායකයො කියන අය ලෝකයේ නැතිවුණා නම් අපිට බස්වල කනක් ඇහිලා ගමනක් යන්න පුලුවන් (නි)
බුද්ධික Sunday, 04 January 2015 12:47 PM
මාතර සුනිල් , මෙයා තමා නියම කලාකරුවා (දිල්)