IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කලකිරුණු ශ්‍රිලනිප මැති ඇමැති 12 ක් අද ජනපති හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)

ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 12 දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට අඟහරුවාදා (5) පැවැසීය.

තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු කාරණා පිළිබඳ මෙම හමුවේදී ජනාධිපතිවරයාට විස්තර කිරීමට බලාපොරොත්තු වන බව ද කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය. ”මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන පැහැදිලි තීන්දුවක ඉන්නවා. ඒ තීන්දුව ගැන ජනපතිවරයා දැනුම්වත් කිරීම අපේ යුතුකමක්. එතුමා දැනුම්වත් නොකර අපි කවදාවත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විපක්‍ෂයේ වාඩිවුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදා හැර යන්නේ නැහැ” යැයි ද ඔහු කීය.



අදහස් (11)

කලකිරුණු ශ්‍රිලනිප මැති ඇමැති 12 ක් අද ජනපති හමුවට

raveendra Wednesday, 06 September 2017 04:08 AM

මගේ මතකය දිවයනවා අපගේ ළමා කාලයට, (අරක ඕන මේක ඕන කියා අප අපගේ දෙමවුපියන් සමග යුද ප්‍රකාශා කිරීම).යහමින් හොරාකෑමට අවශ්‍ය ආයතන බෙදා දෙන්න එවිට ඔය හැතිකරය (රටට හෙන වැදුනත් කම්නැත ) සියලුම දෙන අප ඔබසමගය යන්න කීම ස්ථිරය.

:       70       656

mahee Wednesday, 06 September 2017 04:28 AM

කණ්ඩායමේ ප්‍රකාශකය දිහා බැලුවහම හිතාගන්න පුළුවන් ඇයි ඉවත්වෙන්නේ කොහොම අයද ඉවත්වෙන්නේ කියල. කොහොමත් මෙවැනි අය ඔක්කොම ඉවත් වුනොත් ජනාධිපති තුමාටත් හොඳයි, පක්ෂයටත් හොඳයි, රටටත් හොඳයි, අපටත් හොඳයි. ඒ නිසා පක්ෂය පිරිසිදු කරන්න ලැබුන මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියල ජනාධිපති තුමාගෙන් ඉල්ලන්න මම කැමතියි.

:       87       738

saman Wednesday, 06 September 2017 04:31 AM

ඔය කලකිරීම් වලට ග්‍රාමසේවක මහත්තයා ලග බෙහෙත් තියනවා.ඩොලර් නෝට්ටු පිටරට සවාරි එක්ක එකට දමා පත අට එකට සිඳවා, "සැප වාහන" ගුලිය දියකරලා බොන්න දුන්නහම නැවත ඊළඟ මැතිවරණයක් තියනතුරු ඔය ලෙඩේ හැදෙන්නේ නැහැ. අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි!!

:       323       449

sachith Wednesday, 06 September 2017 04:55 AM

තවත් වාහන ගන්න පරිපුරක අස්තෙමෙන්තුවක් හෙට අනිද්දම එයි පාර්ලිමේන්තුවට.

:       190       315

shan saudi Wednesday, 06 September 2017 05:04 AM

ගරු ජනපති තුමනි මේ සිදුකර ඇති අපරාදය ගැන ඔබතුමාගේ අවදානය ඉක්මනින් දක්වන්න පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතින් වවුනියාවේ සිංහල ගම් ඉවත් කරලා වවුනියාවේ සිංහල ග්‍රාම නිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥපනතින් ඉවත් කර ඇති බව හෙළ බොදු සවිය පළාත් සභා හා පළාත් පාලන ඇමැති µයිසර් මුස්‌තාපා මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී. හෙළ බොදු සවිය සභාපති බුදුගල ජිනවංශ හිමියන් ප්‍රකාශ කරන්නේ මේ හරහා සිංහල ජනතාවට බලවත් අසාධාරණයක්‌ සිදුවන බවයි. වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම, බෝගස්‌වැව 1, බෝගස්‌වැව ෂෂල මෙහෙවරතැන්න යන ග්‍රාම නිලධාරි වසම් 2013 වර්ෂයේ සිට ලියාපදිංචි වී ඇති නමුත් 2015 පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥ පනතින් ඉවතට විසිවී ඇත. එය එම පළාත්වල ජීවත්වන සිංහල ජනතාවට සිදුකළ ප්‍රබල අසාධාරණයකි. ආඥ පනතට සංශෝධන 300 කට ආසන්න ප්‍රමාණයක්‌ එකතු කර ඇති නමුත් සිංහල ගම්මාන ආරක්‌ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ එම පළාත් වල උසස්‌ රාජ්‍ය සේවකයන් දමිළවීම නිසා බව එම පළාත්වල සිංහල ජනතාව පවසයි සිංහල ජනතාවට රජයෙන් ලැබෙන පහසුකම් සහනාධාර පවා නොලැබේ

:       716       1503

මම1 Wednesday, 06 September 2017 05:06 AM

බදු නොගෙවා එතනෝල් ගෙන්නලා ජොන්ස්ටන්ට හොර අරක්කු හදන්න දීල ගතමනාව හොයාගන්න බැරිනම් මේ ආණ්ඩුවේ ඉඳල පලක් තියෙනවද අරුන්දික? ඉක්මනට යන්න.

:       144       568

Chandana - Australia Wednesday, 06 September 2017 05:08 AM

ජනපතිවරයාගේ බලවත් ඉල්ලීම නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීමට අපි තීරණය කළා - මීට අරුන්දික ප‍්‍රනාන්දු

:       477       237

ruwan Wednesday, 06 September 2017 05:10 AM

ජනපති තුමනි ඔවුන්ට යන්න කියන්න. ඔවුන් සමග ජනතාව යනබව සිතනවානම් ඔවුන්ට ලොකුවටම වැරදී ඇති බව ඔවුන්ට ළඟදීම තේරේවි. මොවුන්ට වැඩ ලොකු පතක යෝදයන් වැනි ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර, ඔසී ටත් බැරි දේ මේ පිරිස කෙසේ කරන්නද. මොවුන් ළඟ දෙකට නොනැමී කෙලින් අප සමග සිට ගන්න. අපි ඔබව ආරක්ෂා කරමි. ඔවුන් සමග 20,000 ක් ගියත් අප ඉටවද වැඩි බව සපත කරමි.

:       54       1856

බණ්ඩාර(කැකිරාව) Wednesday, 06 September 2017 05:46 AM

ඔය 12 දෙනා විතරක් නෙමෙයි , රටේ සමස්ත ජනගහනයෙන් 3/4 කම යහපාලනය ගැන කලකිරිලයි ඉන්නේ. චන්දෙ තිබ්බොත් බලාගන්න හැකිවේවි මිනිසුන්ගේ සබැ මතය.

:       455       704

ලුම්බිණි Wednesday, 06 September 2017 05:53 AM

යන අයට යන්න දෙන්න. මේ කිසිවෙක් ප්‍රතිපත්ති යටතේ දේශපාලනය කරන අය නොවෙයි. කරන්නේ දේශපාලනය නමින් බිස්නස් එකක්.

:       192       609

raveendra Wednesday, 06 September 2017 12:18 PM

ශාන් සෞදි මයාවෙත, ඔබ සඳහන් කල කරුණුවලින් අපට හැඟෙන දෙය නම් හිතාමතා සිදුකර ඇති අසාධාරණයක් බව හොඳින් පැහැදිලි වේ. අප මවුබිමේ මුල් පුරවැසියන් විසින් මේ පිළිබඳව සෘජුව පිළිතුරක් බලාපොරොත්තු වෙමු. හැමදෙයම පුවත්පත්වලින් දකින ඔහුට හොදින් මෙය දර්ශනය වනු නොඅනුමානය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31416 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13685 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11031 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site