විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත එළුවන්කුලම මොරන්තම්වේලි ජනාවාස රහිත ප්‍රදේශයේ වගුරු බිමක දමා තිබූ කලුකිතලා නම් ආරක්ෂිත පක්ෂියකුගේ බිත්තර රැගෙන යමින් සිටි අයකු ඉරිදා අත් අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති.
අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ පදිංචි හසිත සඳරුවන් නමැත්තෙකි.
කලුකිතලා මේ කාලයේ බිත්තර දමයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපය, උතුරු අප්‍රිකා රටවල්, ජපානය ඇතුළු අග්නිදිග ආසියාතික රටවලත්, පිලිපීනයේත් කළු කිතලා දක්නට ලැබෙයි. ෆුලිකා ඇට්රා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන කළු කිතලා මෙරට නේවාසික පක්ෂියෙකි.
බිත්තර 28ක් සමග අත් අඩංගුවට ගන්නා ලද සැකකරු අද (15) වන දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් මත නිදහස් කිරීමට භාරතී විජේරත්න විනිසුරුවරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
18
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුකිතලාගේ බිත්තර උස්සා දඩ කයි
චන්න බුවනක Monday, 15 June 2015 05:50 PM
මේ අය කළ වැඩේ හොඳයි (නි)
රූපවතී Monday, 15 June 2015 08:10 PM
අපේ රටේ ඉන්නේ මහා නපුරු මෝඩ මිනිසුන් ...ආදරය කරුණාව දයාව අනුකම්පාව කියන සිතිවිලි වලින් ඔවුන් සදහටම තුරන්වෙලා, බඩගොස්තරය ගැනම පමණයි හිතන්නේ.... (නි)
රනා Monday, 15 June 2015 09:37 AM
ඉඳල හිටලා වන ජීවී එකේ මහත්වරුත් මේ වගේ ලොකු ලොකු වන නාශක වැඩ අල්ලනවා. පත්තරෙත් දාල මචන්. ආයිත් නම් ඉතින් වන සත්තු මරණ එකක් නැහෙ දන්නා කියන එකෙක් හලෝ. (ම)
ඉසුරන්දි Monday, 15 June 2015 11:44 AM
වැඩේ නම් හොඳයි.හැබැයි දඩය මදි වගෙයි (නි)
චතුර Monday, 15 June 2015 12:13 PM
ඔය බිත්තර වලින් දැන් පැටවු හදන්න බැරිද? (නි)
නවරත්න Monday, 15 June 2015 01:45 PM
කුඩු කිලෝ 260 ගෙනා අයට තවම දඩයකුත් නැහැ, ගෙනා අයත් නැහැ. බිත්තර 30 ඇහිදගෙන ආපු එකට නම් 30,000.00 දඩ.... පුදුම ලංකාවක්! (නි)
පෙරේරා Monday, 15 June 2015 02:05 PM
ඔය බිත්තර දැන් වැඩක් නැහැ. මිනිසුන්ගේ අත ගෑවුණාම එම සතා බිත්තර අයින් කරනවා. කරන්න තියෙන්නේ මැෂිමකින් රක්කවන්න. (නි)
අභයලුණෙස්කර Tuesday, 16 June 2015 05:26 AM
මට හිතෙන විදියටනම් මෙයි නාමය හැටියටනම් පොඩි ළමයෙක් වගෙයි දුප්පත් ළමයෙක් වෙන්න ඇති පවු කළ දෙය නම් වරදියි (ම)