IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කීරි සම්බා සටන අරඹයි

(අංජුල මහික වීරරත්න)

ලබන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය.

වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල එය ක්‍රියාත්මක කරන  ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව කළාපයේ තෝරා ගන්නා කුඹුරු හෙක්ටයාර් 500ක කීරි සම්බා වගාව සිදු කරන අතර එම වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 පැරෂුට් තාක්ෂණය උපයෝගි කර ගනිමින් කීරි සම්බා වගා සංග්‍රාමය ඇරැඹීමට  නියමිත අතර කෘමිනාශක හා වල්නාශක මෙන්ම පොහොර යෙදීම ද ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කෙරෙන බව අමාත්‍යාංශය කියයි.

මේ වනවිට දේශීය වෙළෙඳපළේ කිරි සම්බා සඳහා ඉහළ මිලක් පවතින අතර මිල ගණන් තීරණය කිරීම ගොවීන් අතට පත්ව තිබීම සුබදායි තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (2)

කීරි සම්බා සටන අරඹයි

සිල්වා Sunday, 17 March 2024 04:37 PM

කීරි සම්බා අධික මිලකට අලෙවි කිරීම දැනට සිදුවෙනවා. ඇමැතිතුමා එය අනුමත කරනවා නම්... ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.

:       0       6

Jayasekara Monday, 18 March 2024 11:38 AM

ඔය වවන ටිකත් අර මාෆියා කාරයින් දෙන්නා, තුන්දෙනා අරගෙන හංගගනී. රටේ රජයත් ඔවුන්ට බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site