IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"අප රටේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ  දහයක් පමණ වනවා.එය ලක්ෂ තිහ දක්වා ඉදිරියට ගෙන යාමට අප ඉලක්කයක් තිබෙනවා. එහෙම වුණොත් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.කිරි නිෂ්පාදනය අගය වර්ධනය කිරීමට කේන්ද්‍රීය මධ්‍යස්ථාන අප ගොඩ නගනවා. ඒ වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කරනවා.කිරි ගොවීන් සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය එමගින් ලබා දෙනවා.කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් ඇරඹීමට අප සැලසුම් කර තිබෙනවා.හොඳ අභිජනන ගොවි පොළවල් ඇරඹීමට සහ හොඳ මව් සතුන් ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් අප අරඹා තිබෙනවා.ආනයනික ගව ශුක්‍ර වඩි ගෙන්වා  දියුණු තත්ත්වයේ සතුන් පහළොස් දාහක් හැදීමේ සැලසුම් අප සිදු කරමින් පවතිනවා. බිත්තර නිෂ්පාදනය කරන කුඩා ගොවිපළ සඳහා බඩ ඉරිඟු සහනදායී ලෙස රාජ්‍ය මැදිහත්වීමෙන් ලබාදීමටද අප කටයුතු කරනවා.වෛරසයක් නිසා බිඳ වැටුණු සූකර කර්මාන්තය නැවත අලුතින්ම ගොඩ නගන්නට සිදුවී තිබෙනව යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (3)

කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි

Lalla Friday, 11 July 2025 07:16 PM

ඔය ගමන් කිරිවරණ දෙනුන් සහ පිරිමි සතුන්ට ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලිව ප්‍රකාශ කරන්න. මස් කර්මාන්තය ඔය එක්කම හරි විදියට පටන් ගන්න.

:       1       9

chandima Friday, 11 July 2025 09:43 PM

මහත්තයෝ ඒ ගැන බය වෙන්න එපා... මස් කඩේ තම්බි ඒකට වැඩ පිළිවෙළක් යොදයි.

:       0       1

Rajun de Silva Saturday, 12 July 2025 12:45 PM

මානුෂික ලෙස සත්ව ඝාතන කරන ස්ථාන පිහිටුවන්න...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site