IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කරු ජයසුරියගේ දියණිය මිය යයි

කතානායක කරු ජයසූරිය මහතාගේ බාල දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය (40) කාලයක සිට රෝගාතුරව සිට පසුගියදා අභාවප්‍රප්ත වුවාය. මියයන විට ඇය පදිංචිව සිටියේ ලන්ඩන් නුවර කෙන්ට් ප්‍රාන්තයේය. බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් ඇයගේ සැමියාය. තිළිණි හා ඩිලාන් ඇයගේ දැරුවෝය.

කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් සරසවියෙන් මූලික උපාධිය ලබා සිය ශාස්ත්‍රපති උපාධිය ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයෙන් දිනාගැනීමට සමත් වුවාය.

ඇය මධ්‍යම ලන්ඩනයේ "අර්නස්ට් සහ යංග්" ආයතනයේ ආර්ථික උපදේශකවරියක් ලෙස සේවය කළාය. 

තම දරුවන් දෙදෙනා සතුටින් ජීවත්වනු දැකීම ඇයගේ එකම ප්‍රාර්ථනාව වන බව ඇය පවසා තිබුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු  ඇයගේ අවසන් කැමැත්ත පරිදි ලබන සෙනසුරාදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

2-(1) 18 20

 



අදහස් (0)

කරු ජයසුරියගේ දියණිය මිය යයි

බුද්ධික රාජපක්ෂ Thursday, 03 November 2016 08:45 AM

ඔබට නිවන් සුව ලැබේවා !(අ)

:       0       0

නාලක Thursday, 03 November 2016 12:51 PM

දරු සෙනෙහස යනු කුමක්දැයි මරණයේ වේදනාව මධ්‍යයේ ලොවට කියා දුන් උතුම් මාතාවක් වූ ඇයට නිවන් සුව ලැබේවා... පිළිකාවකින් පෙලෙන බව දැනදැනත් කුස තුල වූ නුපන් දරුවා ගැන සිතා පිළිකා ප්‍රතිකාර කල් දැමු ඇය ට උපහාරය ! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site