IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කිරි කැටියා පාරේ දමා ගිහිං

දොඩම්ගොඩ ඇගළුම් කම්හලක් අසල මහ මඟ දමා ගොස් තිබු අලුත උපන් බිළිඳකු  දොඩම්ගොඩ පොලිසිය මගින් අද  උදේ කළුතර නාගොඩ රෝහලට  යවා ඇත.

 



අදහස් (0)

කිරි කැටියා පාරේ දමා ගිහිං

නැනී Monday, 11 August 2014 04:44 AM

සුදුමල් කැකුළක් අකලට පිපිලා ගසකට වෙයිද බරක්. දරුමල් කැකුළක් මෑණියනේ සිතකට වෙයිද බරක්. (නදී)

:       0       0

කුමාරි Monday, 11 August 2014 04:51 AM

මේ අම්ම මොන හිතකින් මෙහෙම කලාද හිතා ගන්නවත් බැහැ. හැම දේටම වඩා දරුවාගේ පන රැකීම ගැන සතුටුයි. (නදී)

:       0       0

ජානකී Monday, 11 August 2014 04:54 AM

තාවකාලික වින්දනයක වන්දිය ගෙවන්නේ මේ බිළිදා ද? (නදී)

:       0       0

හරාල් Monday, 11 August 2014 05:07 AM

ලංකාවට ගියපු කලක් . (දී)

:       0       0

ලක්මාල් චතුරංග සේනාරත්න Monday, 11 August 2014 11:53 AM

අනේ පව් කිරි සප්පයා මට හම්බු උනා නම් මම හදා ගන්නවා. කාගේ උනත් මොකෝ දරුවෙක්නේ.(නදී)

:       0       0

දීපිකා Monday, 11 August 2014 12:09 PM

උවමනාවට හදපු දරුවෙක් නොවේ. ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (නදී)

:       0       0

සිදත් Monday, 11 August 2014 05:45 AM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි වැඩක් මේක (නදී)

:       0       0

ජයා Monday, 11 August 2014 05:53 AM

අනේ අපි දරුවන් නැතිව අවුරුදු ගනන් දුක් විදිනවා. මේ මිනිස්සු දරුවන් මග දාලා යනවා. පුදුම දෙයක් ලෝකෙ තියෙන්නෙ. (දී)

:       0       0

කිර්ති Monday, 11 August 2014 05:54 AM

මරන්නේ නැතුව මෙහෙම කල දේ වටිනවා (දී)

:       0       0

රොෂාන් Monday, 11 August 2014 06:01 AM

ජාතිය නගා සිටවන ජාතිය විනාස නොවන්න දරුවන් හදන්න කියන කට්ටියට බැරිද උදව් කරන්න (නදී)

:       0       0

ප්‍රසංග Monday, 11 August 2014 06:10 AM

අම්මා කෙනෙක් වෙන එක මොන තරම් පිනක්ද? ඒත් ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේ වගේ පව් කාර දේවල් කරන්නේ. (නදී)

:       0       0

සේන Monday, 11 August 2014 01:17 PM

ඔක්කොමලා අර අසරණ කාන්තාවට බැනලා වැඩක් නැහැ. ඔය වැරැද්දට ඔය දරුවාගේ තාත්තත් වගකිය යුතුයි නේද. මගේ අම්ම මම පුංචි කාලේ මට කියලා දුන්නා ගැහැණියක් අසරණ කිරීම මහා පාපයක් කියලා. ඒ වගේ අපේ ඔක්කොම අම්මලා පිරිමි දරුවන්ට ගුණදර්ම කියලා දුන්නා නම් මෙවෙනි සිද්ධීන් ගොඩාක් අඩුකරගන්න පුළුවන්. (නදී)

:       0       0

රිකාස් Monday, 11 August 2014 06:31 AM

මානසික ලෙඩුන්ගෙන් රට පිරිලා (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 11 August 2014 06:53 AM

ජානකී අහන දේම තමයි මටත් තියෙන්නේ (නදී)

:       0       0

කාන්ති Monday, 11 August 2014 06:57 AM

මේ කාන්තාව මෙහෙම මග දමා ගොස් සිටින්නේ මේ රටේ සෑහෙන කාන්තාවන් ප්‍රතිශතයක් බෙහෙත් හේත් වලට සහ පුද පුජා වලට සන්තකේම වියදම් කරලත් ලබා ගන්න බැරි වුන වස්තුවක්. අනේ දෙවියනේ අවංකවම දරුවන් නැති සොවින් ඉන්න , මුළු හිතින්ම දරුවන් පතන කාන්තාවන්ට පමණක් අනාගත දරුවන් පිලිසිදේවා යන්න මගේ පැතුමයි. (නදී)

:       0       0

රූපවතී Monday, 11 August 2014 07:25 AM

අනේ පව් අසරණ දරු පැටියා. සති ගානක් කියන්නේ මවගේ සෙනෙහස නැතිවම බැරි බිලිදෙක්. මගේ දියණිය උපන්නාට පසුව කිරිබොන හැම වාරයකම මගේ මනසේ ඇදුනේ අනේ දෙවියනේ මෙවැනි දරු පැටව් නේද මගේ මව්බිමේ මහා පාරේ දමල යන්නේ අම්මලා කියා. මගේ දියණිය මට මගේ හදවත හා නෙත් දෙක හා සමානයි. අපේ දෙමාපියන් අපි කුඩාකල, අනේක දුක් ගැහැට අගහිග කම් මැද්දේ දරුවෝ 5දෙනෙක් ලොකු මහත් කළා බොහෝ දුකසේ. ඒත් අම්ම වත් අප්පචිවත් අපිව ලිදට දැම්මෙවත් මහා පාරේ දමල ගියේවත්, මරා එල්ලුවේවත්, වස දුන්නේවත් නැහැ. අපි මයියොක්කා කාල මුරුංග හොදි විතරක් බීල දින 20 ගණන් හිටිය මතකයි. එළවලු ,අල බතල පිරිලා වත්තේ ,අපිට ඒවා කාල ඇතිවෙලා හිටියේ. ඒත් බත් දැක්කේ කලාතුරකින්. අද අපි ගොඩාක් නිරෝගී මෙන් මිනිස් ගුණ ධර්මයන්ගෙන් පිරි දරුවෝ ටිකක්. අපි අපේ දරුවෝ මේ ලෝකෙට නියම මිනිසුන් කරනවා අපේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමක්ය සිතා. එයයි අපිට වැඩිහිටියන් කියාදුන් මිනිස් කම. මහා පාරේ දමල යන්න එපා දරු පැටව්,ඒ වගේ තත්වෙට පත් වෙන්න තරමට කාන්තාවක් පහත් මානසික වැඩ නොකරන්න වග බලා ගත යුතුයි. මිනිස් දරු පැටියෙක් කියන්නේ වටිනා මහා සම්පතක් (නදී)

:       0       0

දර්හානි නාමල් බංඩාර Monday, 11 August 2014 07:32 AM

අම්මේ කෝ ඔයාගේ දරු සෙනහස (නදී)

:       0       0

කර්තිනි Monday, 11 August 2014 04:26 PM

දුරදිග නොබලා තීරණ ගන්නා යෞවනයේ ප්‍රතිඵල (නි)

:       0       0

මැණික් Monday, 11 August 2014 08:51 AM

අපි දරුවකු නැතිව දවස ගානේ සිතින් මැරී මැරී ඉපදෙන හැටි දැක්කා නම් මේ අම්ම මේ දරුවාව කවදාවත් දාලා යන්නේ නැහැ. (නදී)

:       0       0

දිනිති Monday, 11 August 2014 08:55 AM

අට අවුරුද්දක් තිස්සේ දරුවන් නැති නිසා දිවි නසා ගන්න බැරි කමට මේ ජීවත් වෙන්නේ. අනේ දුවේ ඇයි මගේ බඩටවත් නොආවේ ? (නදී)

:       0       0

සිල්වා Monday, 11 August 2014 09:42 AM

රූපවතී ඔබගේ අදහසට මම ගරු කරනවා ! (දිල්)

:       0       0

ගාමිණී සිරිවර්ධන Monday, 11 August 2014 03:52 AM

දරුවන් කියන්නේ රටක අනාගත පරපුරයි. අනාගත පරපුර රැකගැනීම රජයේ වගකීමක්. බල්ලෝ ,බළල්ලු වගේ මහ මග දමා යන දරුවන් රහසිගතව බාර ගැනීමේ ළමා ආරක්ෂක සේවයක් ස්ථාපිත කිරීම ඉතාමත් හදසි කාර්යයක්. යල් පැනගිය නීති ක්‍රියාත්මක කරනවාට වඩා. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 11 August 2014 04:03 AM

මිනිස්කම නොදත් මහා තිරිසන් කොට්ටාසයක් දැන් රටේ ඉන්නේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 11 August 2014 04:03 AM

මේ අම්මා මොන හේතුවකට මේක කලාද දන්නේ නැහැ. ඒත් බොහෝ දෙනෙක් අදහන සහ පිළිපදින, සමාජය විසින් දමා ගෙන තිබෙන තහනම් නීති වලින් වෙන්නේ මෙවැනි දරුවන් සහ අම්මා වරුන් කරදරයට පත් වීමයි. (නදී)

:       0       0

ජෙරාඩ් Monday, 11 August 2014 04:05 AM

ඇත්තටම ගාමිණී ගබ්සාව නීතිගත කිරීම වැනි ක්‍රියා නොව යම් අත්වැරදීමකින් හෝ අනවශ්‍ය ගැබ්ගැනීම් ඇතිවන කාන්තාවන්ට තම දරුවන් රහසිගතව බාරදීමට හා ඔහුන් ආරක්ෂා කිරීමට ළමා ආරක්‍ෂිත සේවයක් වගකියයුතු ආයතනයක් හරහා ඇතිවනවා නම් අද ඇතිවන මෙවැනි ප්‍රශ්න බොහොමයක් විසදාගත හැකි බව මගේ ද හැඟීමයි. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 04:11 AM

අද පාරෙ දමලා යනවා. එදා කාලයේ සුද්දොන්ට විකුනනවා. ඒ දරුවො ලොකු වෙලා අද අම්මලා සොයාගෙන මේ රටට එනවා. දෙකෙන් වඩාත්ම හොද මොකක්ද තේරෙන්නෙ නැහැ. (නදී)

:       0       0

නිමල් Monday, 11 August 2014 04:18 AM

කෝ අර ධර්ම රාජ්‍ය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 346 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 833 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1075 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2120 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2042 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site