
(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරළවැල්ල දුම්රිය ස්ථානයේදී අද (31) පස්වරුවේ බඩු දුම්රියක එන්ජිම ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී නිවාදැමීමෙන් වැගකී ඇති බව වාර්තා වේ.
කළුතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොරළවැල්ල දුම්රිය ස්ථානය තුළදී පස්වරු 1.25 ට පමණ ගිනිගන්නවාත් සමඟම ක්‍රියාත්මක වූ එහි නියාමකවරයා ගිනිනිවන උපකරණ භාවිතා කරමින් ගින්න නිවා දැමූ බවත් ඒ හේතුවෙන් එන්ජිම විශාල හානියකින් තොරව බේරාගැනීමට හැකිවූ බවත් දුම්රිය මගීහූ පැවසූහ.
දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එන්ජිමේ මෝටරයක ගින්න හටගෙන ඇති බවත් ගින්න නිවා දැමුව ද එන්ජිම පණගැනීමට නොහැකි වූ බවත්ය.
ඒ හේතුවෙන් ඊට පසුව ධාවනය කළ දුම්රියෙන් එහි සිටි මගීන් කොළඹට ගෙන ඒමට කටයුතු කළ බව කී ඉදිපොළගේ එම දුම්රිය වෙනත් එන්ජිමක් යවා කොළඹට ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරළවැල්ලේදී දුම්රියක් ගිනිගනී