IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිරිවැදුණු ගොයම අලින්ට දන්දෙයි

දඹුල්ල, තිත්තවල්ගොල්ල පදිංචි චන්න ඕපාත මහතා සිය අක්කර භාගයක කිරිවදින ගොයම අද (29) සිය මෑණියන්ට දිර්ඝායුෂ පතා අලින්ට හා හරකුන්ට දානයක් ලෙස දුන්නේය.

danaya_20159292 danaya_20159293 danaya_20159294 danaya_20159295 danaya_20159296 danaya_20159297



අදහස් (0)

කිරිවැදුණු ගොයම අලින්ට දන්දෙයි

රොෂාන් Tuesday, 29 September 2015 02:40 PM

මෙතන මහා ලොකු අස්වැන්නක් නැහැ. අනික මේක ප්‍රසිද්ධ වෙන්න කරන දෙයකුත් නෙමෙයි. (හේ)

:       0       0

පාලිත Tuesday, 29 September 2015 02:43 PM

දැන් රට යන්නේ අභිධර්මයෙන් (හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 September 2015 07:56 AM

කුරා කුහුම්බියෙකුට හෝ ආහාරයක් දීම හොඳ වැඩක් නමුත් මිනිසාට පරිභෝජනයට ගත හැකි සහල් අමු අමුවේ සතුන්ට කන්න දැමීම මහා පාපයකි. හරිහමන් ආහාරයක් සපයා ගන්න බැරි, දොස්තර ලියලා දෙන බෙහෙත් ටික මිලදී ගන්න බැරි කීදෙනෙක් රටේ ඉන්නවද? ඔය සහල් ටික මහලු මඩම් කිහිපයකට දුන්නේ නම් සිදුවන්නේ මහා පිනක් සහ සේවයකි. සියල්ලන්ගේම ප්‍රඥාව වැඩේවා...! (අ)

:       0       0

රසිත් සියඹලාපිටිය Tuesday, 29 September 2015 07:57 AM

ෂා හොඳ පින්කමක්. සාදු! සාධු! (අ)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 08:01 AM

මා නම් මෙය අනුමත කරන්නේ නැහැ. මේක ජාතික අපරරාධයක් සේ මා සලකනවා. (අ)

:       0       0

රවී Tuesday, 29 September 2015 08:27 AM

ප්‍රසිද්ධිය තකා කරන වැඩ (බ)

:       0       0

දිලිප් Tuesday, 29 September 2015 08:30 AM

අනේ බයිලා කියනවා වී විකුණාගන්න බැරුව ගොවියෝ දුක් විදිනවා මෙහෙම දෙයක් කරන එක හොදයි (බ)

:       0       0

සමන්ත Tuesday, 29 September 2015 08:34 AM

ධම්ම, පිටිගල, මනුස්ස තිරිසන් කියල නැහැ. බුදු දහම අනුව අපි සියල්ලෝම සත්වයෝ. අපි හැමෝටම වේදනාව, මරන බය සහ බඩගින්න පොදුයි. වැදගත් දෙය තමාගේ චේතනාව පමණයි. තමන් හිතනවානම් දානය දියයුත්තේ බඩගින්නේ සිටින තිරිසන් සතෙකුට කියා, එහි කිසිම වරදක් නැහැ. කොහොමත් මෙය අවබෝධ කරගැනීමට යම් බුද්ධියක් සහ උසස් මනසක් අවශ්‍යයි. (බ)

:       0       0

රත්නසිරි Tuesday, 29 September 2015 08:38 AM

ධම්ම හිතන්නේ තමන්ගේ බඩ ගැනයි තමන් ගැන විතරයි. මේ ලෝකයේ අහිංසක සත්ව කොට්ටාශයක් ඉන්නවා කියන එක දන්නවනේ. සතුන්ට කන්න, ජීවත් වෙන්න තිබෙන කැලෑබද ප්‍රදේශ මිනිසුන් අත්පත් කර ගත්තහම කෝ සතුන්ට ආහාර. කෝ වාසස්ථාන. මේවගේ දෙයකදී මැදහත්ව හිතන්න පුරුදුවෙන්න. මේක කළා කියල මිනිස්සුන්ට කෑම නැතිවෙන්නේවත්, මහලු නිවාසවල මිනිස්සු බඩගින්නේ ඉන්නෙත් නැනේ. (බ)

:       0       0

පියාල් Tuesday, 29 September 2015 08:40 AM

ඉතාම පිනවන්ට හොද වැඩක් - සත්තුන්ට කන්න දෙනවා තිය උන් දුටු තැන මරණ කාලකන්නි මිනිස්සු ඉන්න රටේ (ම)

:       0       0

හේවාවිතාරණ Tuesday, 29 September 2015 05:32 PM

ධම්ම,ඔයාට බඩගිනි වෙලාවට මිනිසෙකු වශයෙන් කතාකරලා කෑම ටිකක් ඉල්ලාගෙන කන්න පුළුවන්. තිරිසන් සතුන්ට එහෙම බැහැනේ. මේක මහඟු පින්කමක් (නි)

:       0       0

නදීකා Tuesday, 29 September 2015 05:37 PM

ධම්ම සමඟ මමත් එකඟයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 29 September 2015 09:06 AM

අනේ මේ වගේ අය (බ)

:       0       0

පාලිත Tuesday, 29 September 2015 09:09 AM

මටත් හිතුන වැඩේ එච්චරම නුවණට හුරු නැහැ කියල. හැබැයි එක දෝමනස්ස සහගත ස්ම්ප්‍රයුක්ක්ත සිතක්ද දන්නේ නැහැ.(ම)

:       0       0

ජනිත් Tuesday, 29 September 2015 10:28 PM

ධම්ම කියලා තිබෙන කතාව 100% ඇත්ත. බුදුදහමේ කියන්නේ බුද්ධියෙන් කටයුතු කරන ලෙසයි. සතුන් ගැන දයාව අනුකම්පාව දක්වන එක හොඳ වැඩක්. එහෙත් මෙහෙම වැඩ කරන එක තවත් දෙයක්. (නි)

:       0       0

චන්න Tuesday, 29 September 2015 09:15 AM

අපි දන්නවා ධම්ම, පිටිගල වගේ අය බුදුදහමට විරුද්ධ කට්ටිය බව, ඒගොල්ලන්ගේ කතා ගණන් ගන්න එපා. (බ)

:       0       0

කසුන් Tuesday, 29 September 2015 09:34 AM

රටම අලින්ට කන්න දුන්න අපට මේක මොකක්ද ? (ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 September 2015 02:19 AM

මේවගේ සිද්ධියක් මීට කලිනුත් වාර්තා වුනා. මම නම් මෙම කටයුත්ත දකින්නේ අනුවන ක්‍රියාවක් ලෙසයි. අලින්ට හරකුන්ට මේවගේ කුඹුරක් දැන් දීම කිසිම ගොවි මහතෙක් අනුමත කරන්නේ නැහැ. මේවා බුද්ධ භෝග කියලයි ගොවීන් හඳුන්වන්නේ. මීට නරකද අලියට කිතුල් ගස් දෙක තුනක් හොයා දීල හරකුන්ට තණකොළ ගෝනි 3 - 4 ක් කපල දුන්න නම්. පින් ලබා ගන්න ඕන තරම් මීට වඩා හොඳ කටයුතු තිබෙනවා නේ කරන්න. මේක මහා මෝඩ වැඩක්. (බ)

:       0       0

ලියනගේ Tuesday, 29 September 2015 10:34 AM

දානයක් දෙනවා කියන්නේ අතහැරීම කියන එකයි. අනිත් එක තිරිසන් වුනත් සතෙක් කියන්නේ තවත් ජීවයක්. ඉතින් දෙන දානය උවමනාව තියෙන ලබාගන්න බැරි තිරිසනෙකුට දෙන එකේ වැරැද්ද මොකක්ද. තව කෙනෙක් දීපු දානය දරාගන්න බැරි මිනිස්සු තමන්ගේ කුඹුරට පැනල ගොයම් ටික කන හරකෙකුට දෙන වදය ගැන හිතාගන්න බැහැ. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 09:01 AM

තුවාල ලත් බැටළු පැටවාගේ වේදනාවත්, කුසගින්නෙන් පෙලෙන වෘකයාගේ වේදනාවත් තේරුම් ගනිමු. තම කුඹුරේ "කුරුළු පාළුව" නමින් කොටසක් කුරුල්ලන් වෙනුවෙන් වෙන් කළ අපේ මුතුන්මිත්තන්ගේ ත්‍යාගශීලි මහා කරුණාවෙන් බිඳක් ඕපාත මහතා පෙන්වීම මෝඩකමක් වෙන්නේ කෙසේද? වන සතුන් ගේ ගොදුරු බිම් උදුරා ගත් මිනිසුන් වෙනුවෙන් සංකේතිය වන්දි ගෙවීමක් ලෙස සලකමු. (බ)

:       0       0

ජීවන් අසන්ත Wednesday, 30 September 2015 03:18 AM

මෙතන දාලා තිබෙන කොමෙන්ට්ස් දැක්කම හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ මිනිස්සුද කියලා. ධර්මය ගැන අල්පයක්වත් නොදන්න මෝඩයෝ. පින් කියන හැම දෙයක්ම ඉතා සද්ධාවෙන් කරන දෙය තමා පින. ඒකට මිනිසාට කියලා වෙන්කරලා නෑ. අපා දෙපා සිවුපා හැමදෙනා පොදුයි (බ)

:       0       0

සුමංගල පුෂ්පකුමාර Tuesday, 29 September 2015 10:41 AM

පාලිත , අභිධර්මය ඉගෙනගන්නවා වගේ (බ)

:       0       0

මේනක විජේසුරිය Wednesday, 30 September 2015 03:39 AM

අනුන් දීපු දානයක් දිහා සතුටු සිතින් නොබැලියහැකි මිනිසුනේ උබලා කවදා දානයක් දෙන්නද (බ)

:       0       0

පද්මිණි Tuesday, 29 September 2015 11:27 AM

මේ ක්‍රියාව ඉතාම සංවේදියි. දෙනෙතට කඳුලකුත් ඉනුවා. අපි කවුරුත් සත්වයෝ. (ම)

:       0       0

අචිර Tuesday, 29 September 2015 11:34 AM

මේක නම් මහම මහා මෝඩ වැඩක් අලින් කන්නේ පොල් අතු කිතුල් අතු වැනි විශාල ප්‍රමාණයේ ශාක කොටස් හරක් කන්නේ තණකොළ නොගැලපෙන දේ කන්න දීමෙන් මෙම සතුන් රෝගාතුර විය හැකිය මෙම ක්‍රියාව බුදු දහම අනුමත කරන්නේ නැහැ (බ)

:       0       0

සුදීර Tuesday, 29 September 2015 11:46 AM

මාත් හිතුවේ, අලින් කන්න කැමති කෙසෙල්,පොල්, කිතුල් අතු වැනි විවිධත්වයෙන් සපිරි ආහාරයක් දුන්නොත් වටිනවා කියලයි.අපිත් කැමතියි නේ විවිධත්වයට.(ම)

:       0       0

නුවරගේ Wednesday, 30 September 2015 04:16 AM

දානෙන් උතුම් දානය නම් ධර්ම දානයයි. නමුත් අහිංසක සතෙතෙකුට ආහාර දන් දීමත් උතුම් පින්කමක්. මෙතන පින වැඩි කෝකද කියන එක නෙවෙයි ප්‍රශ්නය කොයි විදිහෙන් නමුත් පින්කම් කරගැනීමයි වැදගත්. පිනෙහි ස්වභාවයට ලෝභ කිරීම එක්තරා ආකාරයට ආත්මාර්ථකාමී බවක්. පිනෙහි කුසලය බලවත් වන්නේ ආත්මාර්ථකාමී චේනතාව අත්හැරිය ප්‍රමාණයට මිසක් එය දෙන කෙනාගේ පාට පැහැය අනුව නෙවෙයි (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 September 2015 12:20 PM

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි (බ)

:       0       0

චමිල Tuesday, 29 September 2015 01:02 PM

අලින්ට හාල් කන්න පුරුදු කරලා අලි හාල් හොයාගන ගොවිතැන් පාළු කරනකොට වෙඩි තියල මරල දායි. (බ)

:       0       0

පියතිලක Tuesday, 29 September 2015 01:59 PM

ඔය මොඩ වැඩේට වඩා වී ටික අරගෙන පවුල් 10 විතර බෙදලා දුන්නානම් මිනිස්කම හරි මතුවෙනවා දැන් වෙලා තියෙන්නෙ තිරිසන්කම මිනිසා මිනිසාගේ කුසගිනි නිවනවා තරම් දෙයක් මෙලොව නැත (බ)

:       0       0

වසන්ජය Tuesday, 29 September 2015 02:08 PM

ඔය ගොයම අස්වනු නෙලාගෙන විකුණා ලැබෙන මුදලින් අම්මට අවශ්‍ය වෙලාවට බෙහෙත් සහ වෛද්‍ය උපදෙස් ලබා දුන්න නම් ආයුෂ වැඩි කරගන්න තිබුන .සතුන්ට ආහාර ඔවුන් සොයාගන්න දන්නවා . ආගමික භක්තියෙන් කළ මෝඩ වැඩක් ..අපේ රටෙන් මිත්‍යාව දුරුවන්නේ නැත්ද ? (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 29 September 2015 02:24 PM

අපොයී ... කොච්චර හොඳ වැඩක්ද.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site