IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොරියා රැකියාවෙන් සල්ලි ගැරූ කත අල්ලන්න රතු වරෙන්තුවක්

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව පවසා රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන  එස් ඩී ටී ක්‍රිස්ටීන් දිල්හාරි අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පොල් රතු වරෙන්තුවක්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (14) නිකුත් කළේය.

අංගොඩ කොටිකාවත්ත සාප්පු සංකීර්ණයේ අංක දෙක දරණ ස්ථානයේ පදිංචිව සිටි දිල්හාරිගේ සැමියා මේ වංචාවේ මහ මොළකරු බවත් දිල්හාරි විදේශ රටක සැඟවී සිටින බවට තොරතුරු ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

පානදුර ඉබ්‍රහීම් පාරේ අංක 11 දරණ ස්ථානයේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වෂිර්, කළුබෝවිල කවුඩාන පාරේ අංක 105 දරණ ස්ථානයේ සිත්ති නෂිමා නීෂාම්දීන්, කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ අංක 59/2 ස්ථානයේ වන්නි ආරච්චිගේ විශ්ව තරංග ෆොන්සේකා සැකකරුවෝය.

පළමුවැනි සැකකරු කොළඹ ගාලු පාරේ  අංක 594/1/4 කේ එල් සී ප්ලේස්මන්ට් සර්විස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් කන්තෝරුවක් පවත්වාගෙන යමින් මෙම බොරු රැකියා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇතැයි රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

 



අදහස් (0)

කොරියා රැකියාවෙන් සල්ලි ගැරූ කත අල්ලන්න රතු වරෙන්තුවක්

නිලන්ග Monday, 14 July 2014 01:34 PM

ඕස්ට්‍රේලියාවේ පොඩ්ඩක් සොයාබලන්න. දැන් දැන් ඔක්කොම සරණාගත ලේබල් ගහගෙන එනවා. බහුතරයකගේ හැසිරීම අපිට නම් අල්ලන්නේ නැහැ. (නි)

:       0       0

කමනි Monday, 14 July 2014 01:35 PM

ඡායාරූපයකුත් පළකළා නම් විදේශ රටවලිනුත් ඔත්තු ලැබෙන්න පුළුවන්. (නි)

:       0       0

ශ්‍රී ගැමුණු. Monday, 14 July 2014 02:06 PM

මෙයාටත් ඡන්දය ඉල්ලන්න සුදුසු කමක් තියෙනවනේ . (අ)

:       0       0

රවින්ද්‍ර Monday, 14 July 2014 02:18 PM

කොහොමහරි අල්ලාගන්න පුලුවන් වුණොත් නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site