ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ආරාධනයක් අනුව කොරියා ජනරජයේ විශේෂ දූත කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. මෙරටට පැමිණි එම දූත පිරිස පිළිගනු ලැබූයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය විසිනි.
මෙම කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පළමුව කතානායක කරු ජයසූරිය මහතා හමුවිය. පසුගියදා කොරියාවේ සෝල් නුවර දී අවසන් වුණු දකුණු ආසියා දේශපාලන පක්ෂ සංසදයේ මාධ්‍ය සමුළු සැසිවාරයේ දී එම සැසිය නියෝජනය කළ කොරියා පාර්ලිමේන්තු නියෝජිත පිරිසට අමැතිවරිය මෙම ආරාධනය කළාය.
මෙම දූත පිරිසට කොරියානු ජාතික සභාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සභාපති කිම් දූන් ජින්, කෘෂිකර්ම, ආහාර, ග්‍රාමීය කටයුතු, සාගර හා ධීවර කාරක සභාවේ සභාපති පාර්ක් මින්සූ, සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සාමාජික චෝයි ඩොන් ඉක් ඇතුළු පිරිසක් අයත් වූහ.
දෙරට අතර පවතින වෙළඳ, දේශාපාලන සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත්ව හා පුළුල්ව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ. එසේම, ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස කරනු ලැබූ ආරාධනයට ද මෙරට දී දක්වනු ලැබූ ආගන්තු සත්කාරයන්ට ද කොරියා දූත පිරිසේ විශේෂ ප්‍රශංසාවක් හිමි විය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියා දූතයෝ එති
දුමින්ද Friday, 02 October 2015 02:19 AM
බල සුබ නිමිති....! (නි)
දිනිති Sunday, 04 October 2015 06:14 PM
සුබ පැතුම්! (නි)