(විනීතා එම් ගමගේ)
දකුණු කොරියාවේ සේවක කරමින් සිටියදී නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු එරටට යාමට බලාපොරොත්තු වන්නේ නම් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
එසේ කොරියාවට යන සේවකයින් තම සේවාස්ථානයට ගිය වහා නිරෝධායනයට ලක් කරන බවට සේවා යෝජකයා විසින් වගකීම බාරගන්නා බව සඳහන් සහතිකයක් ගෙන්වා ගත යුතු අතර ඒ සඳහා වන ෆෝරමය කාර්යංශයේ www.slbfe.lkවෙබ් අඩවියට පිවිස පුරවා ඊ.පී.එස් (EPS) මධ්‍යස්ථානයට යොමු කළ යුතුය.
එසේ උඡී මධ්‍යස්ථානය වෙත ලැබෙන පෝරමය කොරියානු මානව සම්පත් සංවර්ධන ආතයනය විසින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නැවත කාර්යංශය වෙත එවනු ලබන බවත් අදාල තහවුරු ලිපිය මෙරට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා ඊ.පී.එස් (EPS) ආයතනය මගින් අනුමත කොට අදාල රැකියාලාභියාගේ ඊමේල් ලිපිනයට යොමු කරනු ලබන බව ද මෙකී අනුමැති ලිිපිය ගුවන් තොටුපල වෙත යාමේ දී ලඟ තබාගැනීම අනිවාර්ය වන බව ද එම උපදෙස් මාලාවේ සඳහන්වේ.
ඊට අමතරව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය වෙතින් විද්‍යුත් ලිපිනය ලැබුන බවට තහවුරු කිරීමේ ලිපියේ පිටපතක්, ගමන්බලපත‍්‍රයේ ඡායරූපය සහිත පිටුවේ පිටපතක් වීසා බලපත‍්‍රයේ පිටපතක් සහ කාර්යංශයේ ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් 3456 ක් ද කාර්යංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
ගුවන් තොටුපලට යාමේ දී කාර්යංශයෙන් තහවුරු කිරීමේ ලිපියක්, ගමන් බලපත‍්‍රයේ පිටපත් දෙකක්, නැවත කොරියාවට ඇතුළු වීමේ වීසා කාඞ්පත (Re-entry Alien Card) ගෙන යායුතු අතර සෙසු නීති සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වේ.
මේ පිළිබඳ වැඩි විස්තර කාර්යංශයේ 1989 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකිවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරියාවට යනවනම් උපදෙස් මාලාවක්
Mangala Monday, 18 May 2020 12:41 PM
ඔක්කොමත් හරි අර 3456 තමා දිරවන්නේ නැත්තේ. මම ඉන්නේ කොරියාවේ නෙවෙයි. නමුත් මේ ලෝකේ වෙනත් කිසිම රටක් මේ විදියට විදේශ රැකියාවකට යන තමන්ගේ පුරවැසියන්ගෙන් ගසා කන්නෙ නැහැ. විශේෂයෙන් මැදපෙරදිගට යන අයගෙන්.