ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ ශ්‍රී ලාංකිකයකු (43) සතු වෙළඳසලක් වැටලු ප්‍රාදේශීය පොලීසිය සහ සෞඛ්‍ය බලධාරයෝ එහි කැරපොත්තන් විශාල ප්‍රමාණයක් සිටීම නිසාත් අපිරිසිදුකම නිසාත් කිලෝ පනහක පමණ ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශකර දැමීය.කඩ හිමියාට යුරෝ දහසක(රු.175000) දඩයක්ද නියම විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කැරපොතු කඩේට බර දඩයක්
සේනක මිලානෝ Monday, 02 June 2014 08:08 PM
මේ රටේ අහාර කඩ හා හෝටල් පරික්ෂා කරන විදියට මේ වගේ තැනකට දෙන දඩය තවත් වැඩිකරන්න ඕනේ. මම නම් කියන්නේ මේ දඩය දහස් ගුනයකින්වත් වැඩි වෙන්න ඕනා. මොකද මින්ස්සු සල්ලි ගෙවන්නේ කෑම කන්න මිසක් කැරපොත්තෝ කන්න නෙමෙයිනේ.(නදී)
විදුසර Monday, 02 June 2014 08:57 PM
මේ දඩය ඇත්තටම මදි.ඒ ආපන ශාලාවේ බලපත්‍රයත් තහනම් කළා නම් හොඳයි. අපිරිසිදු ආහාර විකිණීමත්,ඒ ආහාර මිළදී ගැනීමත් පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මීට වඩා සැළකිළිමත් විය යුතුයි. (නි)
චින්තා Monday, 02 June 2014 09:25 PM
මමත් හිතන්නේ ලංකාවේ කැරපොත්තෝ වෙන්න ඇති (නි)
චන්ද්‍රා Monday, 02 June 2014 09:25 PM
දැන්වත් ඉතින් හරියට පවත්වාගෙන යයිනේ... (නි)
දිල්ෂාන් Monday, 02 June 2014 10:11 PM
ලංකාවේ තියෙන රෙස්ටුරන්ට් වල කුස්සියට ගියා නම් බල්ලෝ වත් කෑම කන්නේ නෑ .......(ස)
සජිනි මදුෂානි ඉතාලිය Tuesday, 03 June 2014 01:33 PM
ඉතාලියේ ලංකා වෙළඳ සැල්වල මේවා සුලබ දේවල්. පිරිසුදු කම දන්නා අය නොවේ කරන්නේ. කඩ කියා මඩ වෙළද සැල් කරන්නේ (නදී)
ප්‍රනාන්දු අමිල Monday, 02 June 2014 11:26 PM
කොහේ ගියත් නම රකිනවා ලාංකිකයෝ.(නදී)
රංග Monday, 02 June 2014 11:27 PM
කොහේ හිටියත් නම රකින අපේ ලාංකිකයෝ නේද? (නදී)
පෙරේරා Tuesday, 03 June 2014 02:15 AM
ලංකාවේ නම් ඉතින් කඩවල්වල කැරපොත්තෝ හූනෝ මීයෝ හිටියේ නැත්නම් ඒවා කඩ නෙවෙයිනේ නේද? (නදී)
ප්‍රදීප් Monday, 02 June 2014 03:55 PM
ආරේ ගුණ නෑරේ (නදී)
බමුණු Tuesday, 03 June 2014 06:47 AM
" චා චා සිරි ලංකික වෙළෙන්දකුගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන්නේ කවුද ? (නදී)
සත්‍යයා Tuesday, 03 June 2014 07:21 AM
දැයට කුණු කවල පුරුදු අය තමයි ඔය පිට රට ගිහිල්ලත් ඒ වැඩේම කරන්නේ. අපේ අය ලංකාවේ කුනුවුන මොඩල් එක ඒ ලෙසින්ම පිටරට අරගෙන ගිහිල්ලා. (නදී)
ආනන්ද ආර් Tuesday, 03 June 2014 08:31 AM
ශ්‍රී ලාංකික කැරපොත්තොද? (නි)
විදුෂක Monday, 02 June 2014 05:42 PM
නොවිය යුත්තක් සිදුවී තිබීම කනගාටුදායකයි. (නදී)
වසන්ත Monday, 02 June 2014 05:59 PM
දඩය මදි. ලංකාවත් මීට වැඩිය අහාර කඩ සහ හෝටල් පරික්ෂාවට ලක් කොට විශාල දඩ නියම කළ යුතුයි. මෙයින් රජයට විශාල ආදායමක් මෙන්ම මිනිසුන්ට සෙතක් සැලසේ.(නදී)
ලංකා Tuesday, 03 June 2014 09:22 AM
ගෙදරක උනත් කෑම තියෙන තැනකට තමා කැරපොත්තන් වැඩියෙන් එකතුවෙන්නේ. හෝටලයක් කිවුවම එ්ක අහන්න දෙයක් නෙවෙයිනේ. නමුත් පිරිසුදුව තබා ගත්තානම් කැරපොත්තන් බෝ වෙන්නේ නැහැ. හෝටලයක් හෝ රෙස්ටුරන්ට් එකක් කළ පළපුරුද්දක් ඇති කෙනෙක් නම් නිසිලෙස පිරිසිදුව තබා ගන්නවා. ඉතාලිය, ජපානය, ස්විස් වගේ රටවලට ගිය බොහෝ දෙනෙක් ක්‍රමානුකුල රෙස්ටුරන්ට් කරනවා වෙනුවට "ලංකා කෑම කඩ" දාන්න සිතන්නේ ලාබ ලබන්න ලෙහෙසිම මග එය යයි සිතාගෙනය. ලංකා කෑම කන්නට සිතා අප එවන් තැන වලට ගිය විට අපට හමුවූ ශ්‍රී ලංකික අයිතිකරුවන් කිවේ "මොනවා හරි ලුණු රහටයි ස්පයිස් රහටයි දුන්නම රසයි රසයි කියල සතුටින් මුන් ඉතුරු නොකර කනවා. ලාබ ලබන්න හොඳම බිස්නස් එක තමයි මේ .." කියලයි. එවන් අය නිසා ලංකාවේ නමත් කැත වෙනවා. (නදී)
ප්‍රදීප් Tuesday, 03 June 2014 09:58 AM
ලංකාවේ අය පිරිසිදු කමත් වෙලාවට වැඩ කරන එකත් දන්නෙම නෑ. අනුන්ගේ වැරදි හොයන්න නම් හොඳට පුළුවන්. (ස)
ඇතුගල Monday, 02 June 2014 06:59 PM
කෑම ඇඹුල් රහට තියෙන්න ඇති (නි)
ගිහාන් Monday, 02 June 2014 07:14 PM
ඔය කියන වයස 43 පුද්ගලයගේ නම අපට කියන්නේ නැත්තේ ඇයි..? (නදී)