IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිරිපිටි මිල යළිත් ඉහළට

(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ දමන බවත් නව මිල ලබන සතියේ සිට කිරිපිටි පැකට්ටුවේ මුද්‍රණ කිරීම ආරම්භ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අද (14) පැවසීය.
කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 30 කින් සහ කිලෝග්‍රෑම් එක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75 කින් ඉහළ දමන බව කී බණ්ඩාර මහතා මෙම මිල ඉහළ දැමීමට එකම හේතුව ‘වැට්’ බද්ද ඉහළ දැමීම බව ද සඳහන් කළේය.
රුපියල් 1,080 ක්ව පැවැති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1,110 ක් බවට පත්වන බවත් කිලෝ එක කිරිපිටි පැකට් මේ වන විට වෙළෛඳපොලේ නොමැති බවත් අශෝක බණ්ඩාර මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (5)

කිරිපිටි මිල යළිත් ඉහළට

Kazi Shajahan Sunday, 14 January 2024 11:27 AM

කොහොමද රනිල්ගේ කෙරුවාව? හැබැයි කියන්නේ නම් රට හොඳට යනවා කියලා... ඕවා කළේ ජනතාවට පුදුම බරක් දීලා... කෝ රනිල්ගේ විදේශික මිතුරන්... උදව් කරනවා කිව්වා රනිල් ආපුවාම...

:       5       11

kushanSunday, 14 January 2024 03:30 PM

එහෙම මිතුරු රටවලින් උදව් ලැබුණු නිසා තමයි අද රට මෙහෙමවත් දුවන්නේ. නැතිනම්, තෙල් නැවක් ගෙන්න ගන්නවත් ඩොලර් මිලියන් ඇ 200 නොතිබූ රටක්... ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලිය කප්පාදු... විරැකියාව, කර්මාන්ත වසා දැමීම වැනි දේවල් සිදුවුණා. පාන් රාත්තලක් පාරේ ගෙනියන්න බැරි කාලයක් තිබුණේ. ඔයාලා දේශපාලන කෝණයෙන් බලන්න එපා. කුහකකම නැතිව දැනට ලබා ඇති ප්‍රගතිය අගය කරන්න...

:       11       2

JAYATH NANDANAMonday, 15 January 2024 08:07 AM

මෑණියන්ගේ වස්තරේ කුහක කම තමයි රුපියල් 800 ගන්නට තිබුන කිලෝ එකට දැන් රුපියල් දෙදහස් ගණනක් ගෙවන්න වෙලා තියෙන්නේ කොහොමද රනිල් ගේ කෙරුවාව ? මගේ පුද්ගලික අදහස නම් මේක තව වැඩි වෙන්න ඕන ( ඒක මට පුද්ගලික ප්‍රශ්නයක් නෙමි මට ඕන නම් කීය උනත් මට කිරි බීව හැකි ) නමුත් මේකේ කොටන රනිල්ට රෙදි නැතිව කඩේ යන උන් ට ඕක අමාරුයි මිනිස්සුන්ට අමාරුයි එතකොට උන් හිතන්න ගන්නවා ඒක අවසාන විනිශ්චයේදී ... හරි ප්‍රයෝජනවත්

:       0       0

සත්‍යපාල Sunday, 14 January 2024 01:09 PM

දේශීය නිෂ්පාදන මිල අඩුවුණාම දේශීය කිරි ලැජ්ජාවට පත්වෙනවා. ඒ ලැජ්ජාව වහගන්න ඒවායේ මිල වැඩිකරන්න කියලා දේශීය කිරිපිටි කෑගහන්න පටන් ගනීවි...! 

:       1       4

චන්දන Sunday, 14 January 2024 05:52 PM

සීනි ඊට දෙවැනි නැහැ ...දුඹුරු සීනි 415..සුදු 310. අනෙක දුඹුරු සීනි ලංකාවේ හදන්නේ .ඒකෙ අලවිය පහත වැටුනොත් දේශිය කර්මාන්ත නේද පාඩු ලබන්නේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site